UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 81 වැනි මහ සභාව



අකුරටියේ නන්ද නාහිමි, දිවියාගහ යසස්සි නාහිමි සහ හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමියන් ඇතුළු සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නිලධාරිහු මෙහි වෙති.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 81 වැනි වාර්ෂික මහා සභාව පසුගිය (මාර්තු) 16 දින කොළඹ 07 , අංක 380 , බෞද්ධාලෝක මාවතේ පිහිටි එම සම්මේලන පරිශ්‍රයේ බී.එච්. විලියම් ශාලාවේදී උත්සවාකාරයෙන් පැවැත්විණි. එහිදී මල් පහන් පූජාවකින් අනතුරුව ජාතික, බෞද්ධ හා සම්මේලන ධජ ඔසවා චිරාගත සම්ප්‍රදායානුකූ®ලව පහන් දල්වා විද්‍යොදය පරිවේනාධ්‍යක්ෂ අකුරටියේ නන්ද නාහිමියන් විසින් පිරිස පංචසීලයෙහි පිහිටුවා මහ සභාව ආරම්භ කරන ලදී.

බෞද්ධ මහා සම්මේලනයේ අනුශාසක මණ්ඩලය වෙනුවෙන් මුලසුන හොබවමින් ස්වාමීපාදයන් වහන්සේ විසින් වත්මන් රජය ඉතාම සාර්ථකව උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිටින ත්‍රස්තවාදීන්ට එරෙහිව කටයුතු කරමින් සිටින බවත් නැගෙනහිර පළාතේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට හැකියාව ලැබී තිබෙන බවත් පැවසීය. මෙහිදී බෞද්ධයන් ලෙස අපට කළ හැකි කාර්ය භාරය අතිවිශාල බවත් එලෙස අපගේ වගකීම. රට වෙනුවෙන් හරි හැටි සිදුවේ දැයි සිතා බැලිය යුතු බවත් වැඩි දුරටත් සඳහන් කරන ලදී.

බෞද්ධයන් ලෙස අප ප්‍රධාන වශයෙන්ම කළ යුත්තේ උතුරු නැගෙනහිර විනාශයට යමින් ඇති බෞද්ධ ශිෂ්ටාචාරය නැවත ගොඩනැගීම අතර ඉතාමත් වටිනා බෞද්ධ ශිෂ්ටාචාරයක් නැගෙනහිර පළාත තුළ වැළලී තිබෙන හෙයින් ශක්තිමත් බෞද්ධ සංවිධානයක් හැටියට සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය එම කාර්යයේ පෙරමුණ ගත යුතු බවට ද අවධාරණය කරන ලදී. වත්මන් සම්මේලනයේ තරුණ නායකත්වය මත එම කටයුත්ත ඉතාම සාර්ථකව කළ හැකි බවට විශ්වාසය පළ කළ හැකි බව ද උන්වහන්සේ පෙන්වා දෙන ලදී.

එම අවස්ථාව සඳහා සම්මේලනයේ පැවිදි අනුශාසක ස්වාමීන්වහන්සේලා වශයෙන් දිවියාගහ යසස්සී නාහිමි , හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමි සහ බොරැල්ලේ ඇතුලදස්සනාරාමාධිපති බොරැල්ලේ අතුල නාහිමි යන ස්වාමින් වහන්සේලා වැඩම කරන ලදී. ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් එච්. එම්. හේරත් මහතා ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි විය. ඊට අමතරව සම්මේලනයේ උපදේශක මණ්ඩලය , විධායක මණ්ඩලය , කෘත්‍යාධිකාරි මණ්ඩලය ආදි සියලුම සාමාජිකයන්, සමිති නියෝජිතයන් හා යාවජීව සාමාජිකයන් පන්සියකට ආසන්න පිරිසක් සහභාගි විය.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා විසින් මුලසුන හොබවන ලද අතර නියෝජ්‍ය සභාපති ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා විසින් පැමිණ සිටි පිරිස පිළිගන්නා ලදී. සම ලේකම් වන සුනිල් සරත් කූරගම මහතා විසින් සභාව මෙහෙයවන ලද අතර සම ලේකම් මේජර් ජෙනරාල් ජාලිය නම්මුනි , භාණ්ඩාගාරික රොෂාන් සම්පත් මද්දුමගේ, උප සභාපතිවරු ඇතුළු නිලධාරින් සභාවේ කටයුතු සඳහා දායක විය .

පැමිණි සිටි සියලු අය වෙත දිවා භෝජන හා තේපැන් සංග්‍රහයක් පැවැත්වුයේ සභාපති හා භාණ්ඩාගාරික මහත්වරුන්ගේ අනුග්‍රහයෙනි. සභාවේ යෝජනා සභා සම්මත කරගනිමින් සාමාජික මහත්ම මහත්මීන් රැසකගේ අදහස් කතිකා කරන ලද අතර අනුබද්ධිත සමිති නියෝජිතයන් විසින් ද තම ප්‍රගතිය පිළිබඳ අදහස් ප්‍රකාශ කරන ලදී. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් පාලනය වන බියගම විහාර මහාදේවී , ගංගොඩවිල බාලිකා, ග්‍රැන්විල් වික්‍රමරත්න ආදී ළමා නිවාස වල දරු දැරියන් විසින් ඉදිරිපත් කරන ලද දර්ශනීය විවිධ ප්‍රසංගයකින් අනතුරුව සභාවේ කටයුතු නිම වන ලදී.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය 1919 වර්ෂයේදී ආරම්භ කර ඇත්තේ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක ශ්‍රීමතානන්ගේ මුල් සභාපතිත්වයෙනි. එදා මෙදා තුර ලක්දිව ප්‍රකට බෞද්ධ විද්වත් පුරවැසියන් රැසකගේ මෙහෙයවීම ඔස්සේ රටේ බෞද්ධ කටයුතු වෙනුවෙන් අඛණ්ඩ සේවයක් සිදු කරමින් බෞද්ධ ජනතාවගේ අනන්‍යතාවය රැකගැනීමට මහගු සේවයක් මේ වන විට ඉෂ්ට කර ඇත. බෞද්ධාලෝක වැඩ සටහන බෞද්ධ පුනරුද යන වැඩසටහන් හා ආගමික කටයුතු වැනි අති වැදගත් කර්තව්‍යන් රැසක් මේ වන විටත් ඉටුකර ඇති අතර 2008 වෙසක් උත්සවය වෙනුවෙන් දැවැන්ත වැඩ පිළිවෙළක් 2008 බෞද්ධාලෝක වැඩ සටහන මගින් සිදුකිරීමට නියමිතය .


 සාමාජික සාමාජිකාවන්ගෙන් කොටසක්...

මැදින් අමාවක පෝය

    අපේ‍්‍රල් 05 වැනිදා සෙනසුරාදා අපර භාග 12.22 ට ලබයි.
අපේ‍්‍රල් 06 වැනිදා ඉරිදා පූර්ව භාග 09.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අපේ‍්‍රල් 05 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය අපේ‍්‍රල් 12 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අපේ‍්‍රල් 05

First Quarterපුර අටවක

අප්‍රේල් 12

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 19

Second Quarterඅව අටවක

අප්‍රේල් 28

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]