Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

විහාරස්ථාන සහ කලාකරුවන් වෙත කෙරෙන ආරාධනයයි !

2008 වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ 02, බේරේ වැව වටා වෙසක් සැරසිලි කිරීමට ලංකාවේ විහාරස්ථානවලට සහ කලාකරුවන්ට ආරාධනා කෙරේ.
අතිගරු ශ්‍රීමත් ජනාධිපතිතුමා මුල්වී පවත්වන අරලියගහ මන්දිරය වෙසක් සැරසිලි, දන්සැල් වැඩසටහනේ එක් අංගයක් ලෙස බේරේ වැව අවට සහ සීමාමාලකය හා සිඟිති උයන මෙසේ වෙසක් සැරසිලිවලින් අලංකාර කෙරේ.

ප්‍රදේශයේ කලාකරුවන්ගේ සහ නිර්මාණ ශිල්පීන්ගේ සහාය ලබාගෙන තම විහාරස්ථානය මුල්ව මේ කටයුත්තට සම්බන්ධ වන ලෙස ගෞරවයෙන් ආරාධනා කැරේ. එම නිර්මාණවලට අතිගරු ජනාධිපතිතුමන්ගෙන් සහතිකයක් පිරිනැමෙන අතර, ලැබෙන ආධාරයට අමතරව තවත් ආධාරයක් එකතුකර විහාරස්ථානයේ සහ නිර්මාණ ශිල්පියාගේ බරපැනට මූල්‍ය ආධාරයක් පිරිනමනු ලැබේ.

අරලියගහ මන්දිරය සහ බේරේ වැව, වෙසක් සැරසිලි සංවිධානය, 124, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, කොළඹ 02 , ලිපිනයට කල් ඇතිව ලියා දන්වන්න


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.