Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාමය

කොළඹ 10 කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාමයේදී මැදින් පුර පොහෝදා විහාරාධිපති සල්පිටි හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක තලල්ලේ මහින්ද නාහිමියෝ ප්‍රධාන අනුශාසකත්වයෙන් පින්කම් රැසක් සිදු කැරේ.
එදින පෙරවරු 6 - 6.30 සිල් සමාදන් කරවීම, හා අනුශාසනාව විහාරාධිකාරි ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 7.00 - 7.30 සම්බුද්ධ පූජාව මෙහෙයවීම තලල්ලේ මහින්ද නාහිමි, 8 - 9 ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි මෙහෙයවන භාවනා වැඩ සටහන , 9.10 - 10.10 ධර්ම දේශනාව පොතුපිටියේ සුමේධ හිමි, 10.10 - 11.00 ආහාර බුද්ධ පූජාව මෙහෙයවීම තලල්ලේ ධම්ම දේව හිමි , පස්වරු 12.30 - 1.00 සෙත් පිරිස් සජ්ඣායනාව එස්.විමලදාස උපාසක මහතාගේ ප්‍රධානත්වයෙන් 1 - 2 උපාසක උපාසිකා සමිතියේ මාසික රැස්වීම, තලල්ලේ මහින්ද නාහිමි අනුශාසකත්වයෙන් , 2.15 - 3.00 භාවනා වැඩ සටහන මෙහෙයවීම තලල්ලේ මහින්ද නාහිමි, 3.30 - 4.30 දහම් දෙසුම බදුල්ලේ සුමංගල හිමි , 5 - 6 මඩිහ වැවේ ඤාණසිරි හිමි, 6.00 ට සිල් පවාරණය හා සිල් අළුත් කිරීම 7.00 - 7.30 මල් පහන් ගිලන් පස බුද්ධ පූජාව ගැට්ටුවානේ සුමේධ හිමි (7.30 - 8.30 ධර්ම දේශනාව පදියපැලැල්ලේ පඤ්ඤාජෝති හිමි .


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.