| මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන පින්කමමහරගම සිිරි වජිරඤාණ ධර්මායතනයේ මැදින් පෝදා වැඩිහිටි සීල සමාදාන 
			පින්කම මෙසේය එදින පෙරවරු6 - 7 සිල් සමාදන් කරවිම , අනුශාසනාව හා බුද්ධ පූජාව - දියතලාවේ 
			පියදස්සි හිමි , 8 - 9 භාවනාව මෙහෙයවීම අලවතුපිටියේ සංකිච්ච හිමි, 9 - 
			10 ධර්ම දේශනාව - ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය 
			බෙල්ලන්විල විමලරතන නාහිමි , 10 - 11 අභිධර්ම කථාව , අභිධර්මාචාර්ය 
			පියදාස මුතුගම මහතා , 11 - 11. 15 බුද්ධ පූජාව අම්පිටියේ සද්ධාවාස හිමි
 පස්වරු 12.25 - 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව , 12.30 - 1 
			පිරිත් හා තෙරුවන් ගුණ පූජ්‍ය කැන්දගොල්ලේ ජිතේන්ද්‍රිය හිමි , 1-2 
			ධර්ම සාකච්ඡාව හා අනුශාසනාව වැලිමඩ පසන්නමානස හිමි, 2 - 3 ධර්ම දේශනාව 
			, කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අගලකඩ 
			සිරිසුමන හිමි , 3 - 3.45 ධර්ම දේශනාව , පානකාවේ පේමරතන නාහිමි , 4 - 5 
			ධර්ම දේශනාව පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ කථිකාචාර්ය 
			මඩිහේ සුගතසිරි හිමි , 5 - 6 ධම්මපදය හා අනුශාසනාව පානදුරේ පසන්න හිමි, 
			6 - 6.30 බෝධි පුජාව මෙහෙයවීම මහඔය අනුරුද්ධ හිමි .
 |