Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි බිමට

මොරවක පස්ගොඩ පියදාස උයන්ගොඩ හා එච්. එල්. සුමනාවතී දම්පතීන්ගේ දෙටු පුත්‍රයාවන ලුක්ෂන් කුමාර උයන්ගොඩ කුමරුවා මෙම 27 වනදා පැවිදිබිමට පත්වීමට නියමිතය. පස්ගොඩ ප්‍රාථමික විදුහල සහ අම්පේගම ගල්හේන කන්ද ශ්‍රී විමලගිරි පිරිවෙණෙහි අධ්‍යාපනය හදාරා ඇත. අඹගහ හේනේ සිරි දේවමිත්ත හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා පණ්ඩිත කබරගල අමරවංශ නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් එම කුල කුමරුවා ගාල්ල වටරැක මාඕපිටිය ශ්‍රී මිහිඳු විහාරස්ථානයේදී පැවිදි බිමට ඇතුළත් වෙති .
මේ දිනයේදී නාවලගොඩ සුමනසාර හා කඹුරුගමුවේ විමලජෝති නාහිමිවරුන්ගේ ගුණානුස්මරණ උත්සවයක්ද කබරගල අමරවංශ හිමියන්ගේ පැවිදි දිවියේ ඇගැයුම් උත්සවයද පැවැත්වෙන බව සංවිධායකවරු පවසති.
ලලිත් නානායක්කාර


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.