Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - අකුසල සිත්වල ගණන 12 ක් වෙනවා. මෙසේ 12 වන්නේ කෙසේ දැයි පැහැදිලි කරන්න.

පිළිතුර- ලෝභ මූලික සිත් 08 මෝහ මූලික සිත් 02 දෝස මූලික සිත් 02 යි.

ප්‍රශ්නය - කල්‍යාණ මිත්‍ර සේවණයත් සම්පතක්. එබඳු කල්‍යාණ මිත්‍රයෙකු සතු ගුණ 04 ක් ගැන බුදුරජාණන්වහන්සේ වදාළහ. මේ ගුණ 04 මොනවාද?

පිළිතුර- ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥාව.

ප්‍රශ්නය - සිඟාලෝවාද සූත්‍රයට අනුව කලණ මිත්‍රයෝ කොටස් 04 ක් සිටින බව වදාළහ. මේ මිත්‍රයෝ කොටස් සතර කවුද?

පිළිතුර - උපකාරක, සමාන සුඛදුක්ඛ, අත්ථක්ඛායි, අනුකම්පක

ප්‍රශ්නය - ආනාපාන සති භාවනාව කෙටියෙන් පැහැදිලි කරන්න

පිළිතුර- හුස්ම ඉහළට සහ පහතට හෙළීම පිළිබඳව මෙනෙහි කරමින් කරන භාවනාව.

ප්‍රශ්නය - පේ‍්‍රත, අසුර මේ නම්වලින් හැඳින්වෙන්නේ මොනවා ගැන ද?

පිළිතුර - සතර අපායෙන් දෙකක්. පව්කළ අය උපදින ස්ථාන දෙකක්.

ප්‍රශ්නය- සියලු කෙළෙස් ප්‍රහාණය සඳහා ප්‍රඥාව පුද්ගලයා විසින් වැඩිය යුතු ය. ප්‍රඥාවට අයත් මාර්ග අංග මොනවාද?

පිළිතුර - සම්මා දිට්ඨි, සම්මා සංකප්ප

ප්‍රශ්නය - සම්මා දිට්ඨි යනු යහපත් දැකීමයි. පැහැදිලි කරන්න.

පිළිතුර - චතුරාර්ය සත්‍ය පිළිබඳ ව පූර්ණ අවබෝධයයි.

ප්‍රශ්නය - දීඝ නිකාය බුද්ධ දේශනා ඇතුළත් ධර්ම ග්‍රන්ථයකි. තුන් පිටකයෙන් මෙය කුමන කොටසට අයත්ද?

පිළිතුර - සූත්‍ර පිටකයට

ප්‍රශ්නය - සංඝයා භේද භින්න කිරීම පාපිෂ්ට ක්‍රියාවක්. කර්මානුරූප ව කුමන කර්ම ගණයට වැටෙනවාද?

පිළිතුර - ආනන්තරිය පාප කර්මයක්.

ප්‍රශ්නය - පංච දුෂ්චරිතය කියන්න

පිළිතුර - ප්‍රාණඝාතය, අන්සතු දේ ගැනීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරුකීම, මත්පැන් පානය

ප්‍රශ්නය - පරපණ නැසීම, අන්සතු දේ ගැනීම, කාම මිථ්‍යාචාරය, අකුසල්ය. මේවා කුමන දොරටුවකින් සිදු කරන්නක්ද?

පිළිතුර- කයින්

ප්‍රශ්නය - ලද පස් මල් නම් කරන්න

පිළිතුර - ඊතණ, සමන්පිච්ච, සුන්සහල් , එළඅබ, විළඳ

ප්‍රශ්නය- සංයුත්ත නිකාය බුද්ධ දේශනා ඇතුළත් ග්‍රන්ථයක් . එය ත්‍රිපිටකයෙන් කුමන කොටසකට අයත් ද?

පිළිතුර - සූත්‍ර පිටකය

ප්‍රශ්නය - ආරාම අධ්‍යාපනයේ දී සද්ධි විහාරික අන්තෙවාසික කියල වචන දෙකක් හමුවෙනවා. ඒ කවුරුන් ගැනද?

පිළිතුර - ශිෂ්‍යයා හැඳින්වීමටයි.

ප්‍රශ්නය - අනුරාධපුරයේ විසූ ත්‍රිපිටකධාරි ගුරු ශිෂ්‍ය දෙපලක් සතිපට්ඨාන සූත්‍රය පිළිබඳ ව මතභේදයක් ඇති වී ශිෂ්‍යයා ගේ මතය නිවැරැදි බව ගුරු හිමියන් විසින් පිළිගෙන ශිෂ්‍ය භික්ෂුව ගේ් ගුණ වනමින් දහම් දෙසූහ. මේ දෙපළ නම් පැහැදලි කරන්න.

පිළිතුර - ත්‍රිපිටකධාරී චුල්ලනාග, ත්‍රිපිටකධාරි චුල්ලසුම්ම.

ප්‍රශ්නය - බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර අතර පාංසකූල චාරිත්‍ර ය නු කුමක්ද?

පිළිතුර- මළගෙයක සිදුකරන චාරිත්‍ර විධි.

ප්‍රශ්නය - සොළොස් මහා ජනපදවලින් එකක් වජ්ජි රාජ්‍යයි. මෙම රාජ්‍යය පිළිබඳව ඔබ උගත් දේ මොනවාද?

පිළිතුර - විශාලා මහනුවර අගනුවර. ලිච්ඡවි සමූහාණ්ඩුව. තුන්බිය, රතන සූත්‍රය දෙසීම, අම්බපාලි මහණවීම යන කරුණු සිදුවූ තැන.

ප්‍රශ්නය - බෞද්ධ වාස්තු විද්‍යාවේ එක් ලක්ෂණයකි, ‘පටිමාඝර’ නම් ගොඩනැගිලි විශේෂය පැහැදිලි කරන්න

පිළිතුර - පිළිම ගෙවල් . ආවරණ සහිත පිළිම ගෙවල්.

ප්‍රශ්නය - ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ දී මේ පාලි වචනවලින් ඉතා වැදගත් කරුණු පැහැදිලි වෙනවා. ඒ පාලි වචන දිට්ඨධම්ම සුඛාය, සමපරාය සුඛාය පැහැදිලි කරන්න.

පිළිතුර - මෙලොව හා පරලොව යහපත පිණිස

ප්‍රශ්නය - ගෘහස්ථ සීලයේ; ගිහි සීලයේ මූලික කොටස් මොනවාද?

පිළිතුර - පන්සිල්, අටසිල්, ආජීව අට්ඨමක සිල්, නවාංග සිල්. දස සිල්.

ප්‍රශ්නය - භාවනාවෙහි එක ම අරමුණ සිත හා නුවණ දියුණු කිරිමයි. අරමුණ එක වුවත් උපාය මාර්ග වශයෙන් දෙකක්. පැහැදිලි කරන්න.

පිළිතුර - 1. සිත - සමථ භාවනාව, 2. නුවණ - විපස්සනා භාවනාව

ප්‍රශ්නය – ‘වය ධම්මා සංඛාරා’ ධර්මානුකූ®ල ව අදහස පැහැදිලි කරන්න

පිළිතුර - (ඒකාන්තයෙන් ම) සංස්කාර ධර්ම සියල්ල අනිත්‍යය වෙනස්වන සුළුය.

ප්‍රශ්නය - සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ භාරතයේ උපත ලද අවස්ථාව වන විට තිබූ පැරැණි භාරතීය සමාජයේ ප්‍රභේද හතරක් තිබුණා. ඒ පිළිබඳ ව ඔබ දන්නා දෑ මොනවාද?

පිළිතුර - බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර යනු ඒ සතරය.

ප්‍රශ්නය - පැරැණි භාරතීය දේශපාලන තත්වය අනුව එකල ප්‍රධාන රාජ්‍ය හතරක් පැවතුණි. ඒ රාජ්‍ය මොනවාද?

පිළිතුර -මගධ, කෝසල, වත්ස, අවන්ති

ප්‍රශ්නය - සුද්දෝධන පිය මහරජතුමා පුතු ගේ අසිරිමත් පෙළහර දැක සතුටු කඳුළු හෙළා දෙවැනි වරට ද වැන්දේ ය. මේ සිදුවීම පිළිබඳ ව පැහැදිලි කරන්න.

පිළිතුර - වප් මඟුල් දින ආනාපාන සතිය වඩා ප්‍රථම ධ්‍යාන උපදවා ගැනීම.

ප්‍රශ්නය - ස්වාමීනි, ඔබ ඒකාන්තයෙන් ම බුදුවන්නේ හි ය. උත්තම සම්‍යක් සම්බෝධිය ලබාගෙන පළමු කොට අපගේ නුවරට වැඩිය මැනව‘ මේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට ලැබුණු ප්‍රථම ආරාධනාවයි. ඒ කොතැනදී ද?

පිළිතුර - බිම්බිසාර මහරජ හමුව

ප්‍රශ්නය - සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේට ගුරු දෙපළක් වූහ. ඒ කවුද? ඔවුන්ගෙන් උගත් දේ මොනවාද?

පිළිතුර - ආලාරකාලාම, උද්දකරාමපුත්ත, අකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤා සමාපත්ති

ප්‍රශ්නය - බුදුවීමෙන් පළමු සතිය පිළිබඳ පැහැදිලි කරන්න

පිළිතුර -අර්හත් ඵල සමාපත්ති සුවය විඳිමින් සිට එම සතියේ සත්වන දින රාත්‍රි ප්‍රථම හා මධ්‍යම යාමයේ ප්‍රතීත්‍ය සමුප්පාද ධර්ම මෙනෙහි කළහ.

ප්‍රශ්නය - බුදුරදුන් උරුවේලාවේ සිට බරණැස් ගමන අතර මගදී හමු වූ මගියෙකු අමතා ඔහු හා කළ කථාබහේදී ‘මම අනන්තජින වෙමි’යැයි ප්‍රකාශ කළහ.

මේ හමු වූ මගියා කවුද? ඒ පිළිබඳ ඔබ ඉගෙනගත් යමක් කියන්න.

පිළිතුර - උපක ආජීවක බුදුන් වහන්සේ අමතා ඔබ නිසල ගුණ ඇත්තෙකි. ඔබගේ ශාස්තෘවරයා කවුද? යැයි විමසීය. මම කෙළෙස් නැසූ අනන්තජින වෙමියි බුදුන් වහන්සේ වදාළහ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.