Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

‘වෙසමුනි රජතුමා ලංකාවේ කෙනෙකැයි කීමට සෙල් ලිපි ඉවහල් වෙයි’

බුදුසරණ පුවත්පතේ 2008.01.07 වනදින පළ වූ ‘ධම්මපදට්ඨකථාවෙන් හෙළිවන වෙසමුනි රජතුමා සහ අවරුද්ධ ලංකාවේද?’ යන ලිපිය දැක එම ලිපියට පිළිතුරු ලිපියක් ලිවීම මෙම ලිපියේ මූලික අරමුණයි. විශ්‍රාමික විදුහල්පතිවරයෙකු වූ ශ්‍රාස්ත්‍රපති ලත්පඳුරේ පියරතන හිමියන් වැන්නන් අතින් ලිපියක් මගින් ශාස්ත්‍රීය ලෝකයට ඉදිරිපත් කරන ලද එවැනි ලිපි අගය කළ යුතුය. ත්‍රිපිටකය තුළ ඉදිරිපත් වී ඇති විවිධ රාජනාම කියවන විට අප සිත තුළ ද මොවුන් යක්ෂයෝ ද යන්න කුකුසක් ඇති වී තිබිණි. එම කුකුස මෙවැනි ලිපි මගින් පහදා ගැනීමට හැකි යැයි අපිට සිතුනි. අපි ජීවත්වන ප්‍රදේශයට අයත් ගල්ලෙන් 200 ක් පමණ ඇති සන්තානා කන්දේ ඇති ලෙන් බොහොමයකම වෙශමුණි රජතුමා ගැන සඳහන් නාම ලිය වී ඇත. 2008.01.07 වනදින ඉදිරිපත් කර තිබුණු ලිපියේ සඳහන් I.C. No. 331 දරණ ලිපිය වැනිම ලිපියක් අඩි 21 ක් දිගට සන්තානාකන්දේ ගල්ලෙනක පිහිටුවා ඇත. එම ලිපිය කියවුනේ මෙසේය.

01. පරුමක - ශතනශක - ක්‍ධිත - පරුමක - මිතක්‍ධය - පරුමකලු - පුශය - ලෙණෙ - අගත -අනගත - චතුදිශ - ශගශ - රත

මෙම ලිපියේ අවසානයට - “රත” යනුවෙන් ලියා ඇත. අපගේ ආරන්‍ය සේනාසනයේ සිට සැතපුම් හයක් පමණ දුරින් පිහිටි බෙරවාගම ග්‍රාමයේ ඇති අඩි 3000 ක් පමණ උස් වූ කන්ද සන්තානකන්ද ලෙස හඳුන්වති. සාතාගිර සිටිය කන්ද නිසා මෙම කන්ද සන්තානා කන්ද ලෙස දැනුදු වහරයි. මෙහි - ශත් කරනු ලෙන්ලිපි විශාල ප්‍රමාණයක් ඇත.

02. පරුමක - ශතහ - ලෙණෙ - ශගිකෙ

03. පරුමක - ශතශ - ක්‍ධය - ලෙණෙ - ශගිකෙ

04. පරුමක - ශතනශත - ක්‍ධිතය - ලෙණෙ - ශගිකෙ

05. පරුමක - මිත - ක්‍ධිය - පුශය - ලෙණෙ- ශගිකෙ

06. පරුමක - නිදික - පුත - පරුමක - මිත - ඣය

පුශය - ලෙණෙ - අගත - අනගත - චතුදිශ -ශගශ

07. පරුමක - ශතනශත - ඣිත - පරුමක- මිත -ක්‍ධය

පරුමකලු - පුශයච පරුමකලු - රොහිණිය - ලෙණෙ ශගශ (මෙම ලිපිය I.C. No. 331 , 332 සමග සැසදේ)

08 . පරුමක - වියග - පුත - පරුමක - පුණ - පුත - වියග -ලෙණෙ - මහශුදශනෙ - ශගශ - දිනෙ (ප්‍රකාශයට පත්වී ඇති (I.C. No. 142 හා බැදීමක් ඇත)

පරුමක - කුවිරහ - ශිව - පුත - අබයශ - ලෙණො- ශගශ- නියතෙ (I.C. No. 333 හා බැදේ)

10. පරුමක - වෙශමණා - පුත - පරුමක - බරණිය- ලෙණො - ශගිකෙ (මිහින්තලයේ ඇති අංක 09 ලිපිය හා මඳක් බැදේ)

11. පරුමක - ශතනශත - ඣිත - පරුමකලු - පුශය - ලෙණෙ - ශගිකෙ

12. පරුමක - ශතනශත - ඣිත - පරුමක - මිත ඣිය - පරුමකලු - පුශය - ලෙණො - අගත -අනගත - චතුදිශ - ශගනි

බුදුරජදුන් සන්තානාගිරට වැඩම කළ බව යක්ෂ ගෝත්‍රිකයින් ලියූ ත්‍රිපිටක ග්‍රන්ථ වල සඳහන් ය. මෙහිදී මිත සේනාධිපතිවරයාගේ බිරිය වූ පුස්සා කුමරිය බුදුරදුන් වෙත විශාල ගල්ලෙනක් පූජා කර ඇත. එම ලිපිය ගලෙහි ලියා ඇත්තේ මෙසේය.

13. පරුමක - ශතනශත - ඣිත - පරුමක - මිත ඣය - පරුමකලු - පුශය - ලෙණෙ - අපිරිමිත ලොකු දතුංශ - අගත - අනගත - පශු පරිබොගශ - වශතන - ශුත - ශුකයෙ’’ සන්තානාගිරහි සිරිපාද ලාංඡනයක් තැබු බව වර්ග පූර්ණිකාවේ සඳහන් වේ. මෙහි දඹ රත්ත්‍රං බුදු පිළිමයක් ඉදිකළ බව මෙහි ඇති සෙල් ලිපියක සඳහන් ය. රත්‍රං තැන්පත් කළ නිධානයක් පිළිබඳව මෙහි ලිපියක් ඇති අතර, එම ගල් පර්වතය පෙරළා ඇති බව ලිපිය පිහිටීම අනුව සිතාගත හැකිය. මෑතක මෙහි නිධන් හෑරු බව අවට ගැමියෝ කියති.

14. ‘පරුමක - වියග - පුත - පරුමක - නගශ - ලෙණෙ අපිරිමිත - ලොකු දකුශෙ - අගත - අනගත පශු - පරිබොගශ - වශතන - ශිත - ශුකයෙ

15. නගරගුගුතිය - ගමික - ශිව - ක්‍ෂය - උපශක - දොනය - ලෙණෙ - ශතතිණ - පරුමක - ශත රශ - අඩි

16. පරුමක - ශත - ක්‍ධිත - පරුමක - මිත - ක්‍ධය උපශක - ඉහන - ලෙණෙ - මහ ශුදශනෙ- අගත - අනගත - චතුදිශ - ශග - දිනෙ

ශත - සාතාගේ දියණිය සරණ පාවාගෙන ඇත්තේ මිත්‍ර - මිත්‍ර සේනාධිපති තුමාය. මෙම මිත්‍ර සෙනෙවිතුමා ගාමිණි අබය රජතුමාගේ් සේනාධිපතිය. එම ලිපිය විශේෂිත ලිපියකි. එහි විශේෂ ලංඡන හතරක් ඇත. එම ලිපිය ගල්ලෙනහි ඇත්තේ මෙසේය.

17. ශෙනපති - පරුමක - මිශශ - මහලෙණෙ - දෙවනපිය - රක්‍ධ - අබයහශ

මෙම මිත සේනාධිපතිතුමා නදික සේනාධිපතිතුමාගේ පුත්‍රයෙකි. ඒබව ලියු සෙල්ලිපිය මෙසේය.

18. “ශෙනපති - නිදක - පුත ශෙනපති - පරුමක - මිතශ - මහලෙණෙ - ශගිකෙ”

19. පරුමක - දෙවශ - ක්‍ධය - උපශික - ශුමනය ලෙණෙ - ශගශ - දිනෙ “ මෙම ලිපියේ සඳහන් දෙව - දේව අවරුද්ධගේ පුත්‍රයෙකි. අවරුද්ධ වෙශමුනි රජතුමාගේ ඇමැතිවරයෙකි. ධම්ම පදට්ඨකථාවේ මොහු යකෙක් ලෙස හඳුන්වා ඇත. සෙල්ලිපි අනුව අවරුද්ධ ගම් ප්‍රධානියෙකුය. ධ්. ඛ්. ව්ර්‍ණ 630 බලන්න

0. පරුමක - ශතරුශ අඩි = ශතරුශ අඩි යන්න තේරුම් කිරීම අපහසුය.

21. පරුමක - ශතරහඩිකමෙ = ශතරහඩිකමෙ

22. පරුමක - ශත - රුශ - අඩි රුමදක කශබශ - ලෙණෙ (මෙම ලිපි වලට තේරුම් දීමට නොහැකිය. භාෂා විශාරදයින්ට ඊට ආරාධනා කරමු.

23. පරුමක - නදික - පුතශ - පරුමක - චිතශලෙණෙ - ශගිකෙ

24. ශෙනපති - මරුමකන - පරුමක - චනුඩි පුත - පඩමක - දෙවශ - ලෙණෙ - ශගශ දිනෙ

25. ගපති : ගබිට - ශුමනශ

26. පරුමක - දෙවශ - ක්‍ධය

27 බත - තිශරකිතශ - දනෙ - අගත - අනගත චතුදිශ සඝශ - මෙම සෙල්ලිපියේ අකුරු විවිධය

28. බමණ - වෙණකශ - ලෙණෙ

29. ගමික - බිටශුමනශ මෙම ලෙණෙ පස්වලින් වැඩී ඇත. පිහිටි පොළොවේ සිට අඩි 3 ක් උසින් ලිපිය කියවීමට හැකි පරිදි තිබේ.

30 දමදක - කශබශ - ලෙණෙ

31. පරුමක - වෙශමන - පුත - පරුමක - බරණිය ච - පරුමක - දෙවශ - ලෙණෙ - ශගිකෙ” කෑගල්ල දිසාව තුළ වතුර ග්‍රාමය අසල දේවතැන්නේ බරණගල ඇති ලිපියේ ගුවන් යානා ලාංඡනයක් ඇති බව බුදුසරණ පුවත්පතින් දුටුවෙමි. මෙම ලිපියේ ද ලාංඡනයක් ඇත.

32. ගමික - අබය - ක්‍ධිත - උපශික - ශුමනය ලෙණෙ (මෙම ලිපිය ප්‍රකාශිතය I.C. No. 164)

33. ගපති - තිශහ - ලෙණෙ ( I.C. No. 165) එකම ගලයට ලෙන් දෙකකි. මෙම ලිපි දෙක 1891 දී එච්. සී.පී. බෙල්මහතා ඉදිරිපත් කර ඇත. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ ධ්. ඛ් කෘතියේද අංකත 164, 165 යටතේ සඳහන් වන්නේ අප වැඩ සිටින කුටියේ ලිපි දෙකයි.

වෙශමණ, කුවෙර, ශත, නශත , මිත, කාශබ, අබය, ශුමන, දෙව, ගබිට, චනුඩි, ශිව, බරණිය, ප්‍රශය, පණිත, පුණ, වියග යන දුර්ලභ නාම මෙම සෙල් ලිපිවල සඳහන්ය. 2008.01.07 දින බුදුසරණ පුවත්පතේ සඳහන් කර තිබුණු සෙල්ලිපි සියල්ලම ප්‍රකාශයට පත් වී ඇති ඒවාය. අප මෙහිදී ඉදිරිපත් කරන ලද සෙල්ලිපි මෙතෙක් ප්‍රකාශයට පත් වී නැත. මෙවැනි ලිපි සිය ගණනක් දියතිත්ත වැව, පරංගියාවාඩිය, වලහවිද්දවැව, පිළිම බැදිකන්ද, කාඩිගල, බෙරවාගම, සන්තාන කන්ද, බ්‍රහ්මණයාගම යන ස්ථානවල ඇත. අපි මෙයින් සෙල්ලිපි 100ක් පමණ පිටපත් කර ගත්තෙමු. තවත් ලිපි 100ක් පමණ පිටපත් කර ගැනීමට ඇත. එම සෙල්ලිපි අතර බුදුරදුන්ට පූජා කළ ගල් ලෙන් ද ඇත.

32. ගපති - තොපශ - ලෙණෙ - ගොතම ශමෙනෙ පතිටපිතෙ

ඉහත ඉදිරිපත් කළ සෙල්ලිපි අනුව වෙශමුණි රජතුමා ලංකාවේ රජවරයෙකු බව සිතිය හැකිය. වෙශමුණි, සාතාගිර, හේමවත, පූර්ණ, කාලසේන, යන යක්ෂයින් මෙරට රජවරුන්ය. පූර්ණ ගේ පියා ‘වියග‘ නම් වූ පරුමකවරයෙකි. ඉතිහාසයේ සඳහන් නොවන පණිත රජතුමා ද පූර්ණ යක්ෂ සේනාධිපතිගේ සොහොයුරෙකු බව කීමට සාක්ෂි සහිතව සෙල්ලිපි ඉදිරිපත් කළ හැකි තොරතුරු මෙම ගල්ලෙන් වල ලියවී ඇත.

35. පරුමක - වියග - පුත - පරුමක - පුණ - පුන - වියග - ලෙණෙ - ශගිකෙ ‘ මෙහි සඳහන් පුණ පුණ්ණ හෙවත් පූර්ණකය. වියග යනු තනි පුද්ගලයෙකු නොව දෙදෙනෙකු සිටිය බව සෙල්ලිපි වල සඳහන්ය. ඒ මෙසේය.

36. පරුමක - වියග - පුන - පරුමක - පුණ පුත වියග ලෙණෙ - ශගිකෙ

මේ අනුව සීයා සහ මුණුපුරාද වියග යන නාමය භාවිත කර ඇත.

37. පරුමක - වියග - පුත- පරුමක - පණිත ඣය - උපලිය - ලෙණෙ- ශගිකෙ

මොණරාගල අසල බලගරුකන්දේ ඇති ලිපියකට අනුව පණිත මහරජුගේ බිසව අබිඋපලියයි.

32 වැනි පිටුවට

38. මහරඣහ - පණිත - බඩකරික - පරුමක - ශුමන - ලෙණෙ - අගන- අනගත - චන්දදිශ ශගශ

39. මහරඣහ - පණිත - බඩකරික - පරුමක - ශුමනහ ( I.C. No. 1035 )

පණිත මහරජතුමාගේ් භාණ්ඩාගාරික ශුමන තෝරවමයිලෑවේ ලෙන් ලිපි කරවා ඇත. චූලෝදර සහ මහෝදර නාරජුන් කරවූ සෙල්ලිපි ද මෙහි ඇත.

40. රඣ - නග - ඣිත - රඣ - උති - ඣය - අබි අනුරදිය - ච - රඣ - උනි - ච - කරපිතෙ ලොකදතුය - ශතන - ශිත - ශුකයෙ ( I.C. No. 339 පෙරියපුලියම්කලම් ලිපිය ද මේ හා සමානය)

41. පරුමක - ශුමන - පුත - පරුමක - හගරහ ලෙණෙ - අගත - අනගත - චතුදිශ - ශගශ පණිතමහරජතුමාගේ භාණ්ඩාගාරික වූ පරුමක ශුමන ගේ පුත්‍රයෙකි. හගර. මොහුට පුත්‍රයෝ 15 දෙනෙකු වීය. හගර කරවු ලෙන් ලිපියක් I.C. 334 යටතේ ප්‍රකාශයට පත් වී ඇත.

මෙම සෙල්ලිපිවලින් නාග රජවරයෙකු හා ඔහුගේ දියණියක් වූ අනුරාධි කුමාරිය ව හඳුනාගත හැකිය. නාගරජවරු සහ යක්ෂ රජවරු පිළිබඳව පාලිමහා වංශයේ සඳහන් වී ඇත. ආටානාටිය සූත්‍රය තුළ යක්ෂ රජවරු නාග රජවරු දියණියන් ද සඳහන් වන අතර, යක්ෂ රජවරු බුදුරදුන් බැහැ දැකීමට ඇත්, අස්, ගුවන්යානා රංසිවි ගෙවල් ආදියෙන් ගිය ආකාරය සඳහන්ය. “..... හත්ථියානං අස්සයානං දිබ්බං යානං උපථඨීතං පසාදා සිවිකා “ මෙම මහාරාජ යසසසිතො තස්සඛ නගරා අග්‍ර අනතලි කෙඛ සුමාපිතා ආලකමන්ද්‍රනාම රාජධානි කුවේරසය ඛො පන මරිසා මහාරාජස්ස විශාණා නාම රාජධානි තස්මා කුවොරො මහාරාජා වෙස්සවණොති පවුච්චති යක්ඛානං ආධිපති කුවෙරො ඉති නාමසො රමතී නම්මගීතහි යක්ඛහි පුරාක්ඛතො නාගානං ආධිපති විරූපකේඛා ඉති නාමසො රමති නච්චගීතෙහි නාගෙහි පුර ක්ඛතො....” මෙහි සඳහන් යක්ෂයෝ සහ නාගයෝ ලියූ සෙල්ලිපි මෙම ත්‍රිකෝණ ගත කදුවළලු තුන තුළ දී දැක්ක හැකියි.

42. උපශික - නගශ - ලෙණෙ - ශගිකෙ ( මෙවැනිම ලිපියක් මාතර අකුරැස්ස අසල ඌරුමුත්තේද ඇත) උපාසක නාගගේ ලෙණ සංඝීකය යන්න ලිපියේ අදහසයි. සෙල් ලිපියක ඇති තොරතුරු අනුව මෙම ප්‍රදේශය උත්තරපොරගිරිය ලෙස කියැවේ.

43.’ උතුරපොරගිරිය- දඩි - පරුමක- හගර - චඩහ ‘ උතුරපොරගිරිය - උත්තරපොරගිරිය - උතුරුදිග අධිපති - උතුරු දිගදිපති වූයේ වෙශමුණි රජතුමාය යන්න ත්‍රිපිටකයේ ඵහි සඳහන්ය.

අනුරාධපුර දිස්ත්‍රික්කය උතුරුමැද පළාතට අයත්ය. මෙම ප්‍රදේශයට අයත්වන හොරොව්පොතාන සිට සැතපුම් 14 ක් පමණ දුරින් පිහිටි සන්තානාකන්දේ අප ඉහත ඉදිරිපත් කරන ලද සෙල්ලිපි ඉතා සුරැකිව අද දිනද පවති. මෙම සෙල්ලිපි පළමුව සොයාගත්තේ කේ. මුදියන්සේ මහතාය.

අප මෙම ස්ථානයට පැමිණ එම ලිපි පිටපත් කරගත් අතර ඒ පිළිබඳව පුරාවිද්‍යා පර්යේෂණශූරි පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන්ට සහ අභිලේඛන විද්‍යා විශාරද මහාචාර්ය ජයරත්න පතිර ආරච්චි මහතාටද දන්වා එම ලිපි පිටපත් කරගෙන ගිය බව මෙහිදී සඳහන් කරනු කැමැත්තෙමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.