Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රත්නාරාමයේ ස්වර්ණ ජයන්තිය

රත්මලානේ අත්තිඩිය පාරේ රත්නාරාමයේ ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් මාර්තු 11 වනදා ඇරැඹි පින්කම් මාලාව මෙම 22 වනදා දක්වා පැවැත්වේ. ඒ අනුව මෙම 11 වනදා ඇරැඹුනු ධර්ම දේශනා මාලාවේ මෙම 14 වනදා දහම් දෙසුම දොඩම්ගොඩ අස්සජි නාහිමියන් විසින් පවත්වනු ලැබේ. මෙම 15 වනදා දිවියාගහ යසස්සි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සර්වරාත්‍රික පිරිත් දේශනාව ආරම්භ කැරේ. 16 වනදා පස්වරු 3 ට විද්‍යාලංකාර පරිවේනාධිපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සාමණේර හිමිවරුන් වෙනුවෙන් පැවැත්වෙන අධ්‍යාපන සත්කාර වැඩ සටහන ඇරැඹේ. විහාරාධිපති සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සහකාර විදුහල්පති සූරියගොඩ සිරිධම්ම නාහිමියන් විසින් රචිත අසිරිමත් මහා ධර්ම සන්නිවේදකයා නමැති ධර්ම ග්‍රන්ථයද එදින දොරට වඩී. මැදින්පෝදා ස්වර්ණ ජයන්ති පෙරහරක්ද විශේෂ බෝධි පූජාවක්ද පැවැත්වේ.

22 වනදා සවස 3 ට පල්ලත්තර සුමනජෝති නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ස්වර්ණ ජයන්ති සංවත්සරය පැවැත්වේ. විහාරස්ථ දායක සභාව, ශ්‍රී රතනපාල ධර්ම විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය ශිෂ්‍යනායක මණ්ඩලය එම පින්කම් මාලාව සංවිධානය කර ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.