Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රද්දොළුවේ විමලවංස නා හිමියන් පිළිගැනීමේ උළෙලක්

රද්දොළුව සුබෝධාරාමාධිකාරි ශ්‍රී ධම්මානන්ද පරිවෙණාධක්‍ෂ රද්දොළුවේ විමලවංස හිමියන් වෙත අමරපුර නිකායේ මහා ලේඛකාධිකාරි ධූරය සහ සම්මාන නායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය මාර්තු 15 දා පානදුර රන්කොත් විහාරයේදී පිරිනැමේ.

ඒ නිමිත්තෙන් සුබෝධාරාමයේදී මෙම 16 වනදා සිට 19 වනදා දක්වා දිනපතා රාත්‍රී 7 ට ධර්ම දේශනා මාලාවක් පැවැත්වේ. ඒ අනුව 16 වනදා බොරැල්ලේ අතුල නාහිමි 17 වනදා මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමි 18 වනදා පිටිදූවේ සිරිධම්ම හිමි, 19 වනදා පයාගල නන්ද හිමි යන හිමිවරුන්ගේ දම් දෙසුම් පැවැත්වේ.

මෙම 20 වනදා පස්වරු 1 ට ලියනගේමුල්ල සුවිසුද්ධාරාමයේ සිට රිය පෙරහරකින් ගලිගත්එළිය මංසන්දිය දක්වා අභිනව ලේඛකාධිකාරි නාහිමියන් වැඩමවා එතැන් සිට පෙරහරකින් සුබෝධාරාමයට වැඩම කැරේ.

අනතුරුව සවස 3 ට අම්බලන්ගොඩ සුමංගල මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් උත්සව සභාවක් පැවැත්වේ. එම අවස්ථාවට සම්භාවනීය සඟරුවන ඇතුළු මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා සහ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය කරු ජයසූරිය ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහත්වරුද සහභාගිවීමට නියමිතය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.