Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රෝහණ පාර්ශ්වයේ උපසම්පදා උළෙල

සියම් මහා නිකායේ රෝහණ පාර්ශ්වයේ වාර්ෂික උපසම්පදා උළෙල මෙවරත් මැයි මස 8,9,10 යන තෙදින පුරා මාතර ඓතිහාසික පරෙයිදූවේ මංගල උපෝසථාගාරයේදී අත්තුඩාවේ සිරිරාහුල රෝහණ පාර්ශ්වයේ මහනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. උපසම්පදා අපේක්‍ෂකයින්ට අයැදුම්පත් මහා ලේඛකාධිකාරී මහාචාර්ය ගතාරේ ධම්මපාල අනුනාහිමි, විද්‍යානිකේතන විද්‍යායතන පිරිවෙන, සපුගොඩ, කඹුරුපිටිය ලිපිනයෙන් ලබාගත හැකි බව කර්මාචාර්ය මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියෝ පැවසූහ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.