Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ කොළඹ නව කෝරළයේ සහ නව තොටමුණේ නව සංඝනායක ධූරයෙන් පිදුම් ලැබූ පිළියන්දල ශාන්ති විහාරාධිපති වැල්ලවත්තේ පඤ්ඤාසිරි නා හිමියන් වෙත ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් විජිනිපත පිරිනැමූ අවස්ථාව. ඉකුත් 21 වන දා අරලියගහ මන්දිරයේ දී එය සිදු කැරිණි. සේයාරුව - චන්දන පෙරේරා

නුගේගොඩ සුභද්‍රාරාම පිරිවෙනේ ආචාර්ය දියගම නාරද හිමියන්ගේ ‘බෞද්ධ ධර්ම සංගායනා’ සහ ‘රහතන් වහන්සේ’ යන කෘති පිළිගැන්වීමේ උත්සවය නුගේගොඩ සුභද්‍රාරාම පිරිවෙනේ දී නොබෝදා පැවැත්විණි. එහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන්ට එම කෘති පිළිගැන්වූ අවස්ථාව. සුගත්නාරායන

පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති, කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන්ගේ 72 වැනි ජන්ම දිනය නිමිත්තෙන් පාද අහිමිවූවන් 8 දෙනකුට කෘත්‍රිම පාද පිරිනැමීම පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ දී පසුගිය දා සිදු කැරිණි. පාදයක් අහිමිවූවකුට නා හිමියෝ කෘත්‍රිම පාදයක් පිරිනැමූ අවස්ථාව. ඡායාරූපය - විජය ශ්‍රී ගම්මන කඩවත විශේෂ

අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ සිවු වන ගුණ සමරු උත්සවයක් පසුගියදා කුලියාපිටිය, කනදුල්ල ශ්‍රී ධම්මරාජ මහ පිරිවෙන් ශාලාවේ දී පැවැත්විණි. මෙහිදී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරු දැරියන්ට අභ්‍යස පොත් කට්ටල ප්‍රදානය කෙරිනි. බිංගිරිය ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී වලකුඹුරුමුල්ලේ සුමංගල හිමියන් අතින් දැරියක් අභ්‍යාස පොත් කට්ටලයක් ලබාගත් අවස්ථාව, වයඹ බොදු පුබුදුව සහ ධර්ම විජය පදනම මේ උත්සවය සංවිධානය කර තිබිණි.
මාදම්පේ සමූහ, ඒ.පී. ගුණරත්න

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.