Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

ත්‍රිකුණාමලය, මහමායාපුර අංක 220 හි පදිංචි එල්.එම්. ජගත් ශාන්ත මහතා අධික රුධිර පීඩනය හා දියවැඩියාවෙන් පෙළෙමින් සිටි බවත් හදිසියේම වමනයත්, කෑම අරුචියත්, යටිබඩ කොරවීමත් සිදු වූ බැවින් නුවර මහරෝහල වෙත රැගෙන ගිය බවත් රෝහලේ දී කළ පරීක්‍ෂණ වලින් අනතුරුව වෛද්‍යවරුන් පැවසුවේ මොහුගේ වකුගඩු දෙකම අක්‍රීය වී ඇති බැවින්, බී පොසිටිව් හෝ ඕ පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් බද්ධ කළ යුතු බවත් ඔහුගේ බිරිඳ කියන්නී ය. මාස 4 කට අධික කාලයක් තිස්සේ රෝගාතුරව සිටින ස්වාමිපුරුෂයාගේ ප්‍රතිකාර වෙනුවෙන් උපයාගෙන තිබූ මුදල් වැය වූ බවත්, දරුවන් සිව්දෙනකු සිටින ඇය අසරණ හෙයින් ස්වාමි, පුරුෂයාද කිසිවක් කර කියාගත නොහැකිව මානසික පීඩා විඳිමින් පසුවන බවත් ඇය කියයි. ශල්‍යකර්මය සඳහා ද විශාල මුදලක් වැයවන බැවින් හා අසරණ දරු පවුල ජීවත් කරවීම සඳහා පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතා මහජන බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රධාන ශාඛාවේ ඉතිරිකිරීමේ ගිණුම් අංක 207 -067320 - 4 දරන ගිණුමක් ආරම්භ කර ඇති බවද පැවසේ. වකුගඩු රෝගී ජගත් ශාන්ත මහතාගේ ජීවිතය බේරාගැනීම සඳහා බී පොසිටිව් හෝ ඕ පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වෙත්නම් දුරකථන අංක 026 - 4922064 හෝ 077 5890705 ට දැනුම් දෙන ලෙස ඔහුගේ භාර්යාව දන්වා සිටී.


මිනුවන්ගොඩ ගම්පහ පාරේ මාතම්මන අංක 14 හි පදිංචි දයානන්ද ජයසේකර මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි ජයවර්ධනපුර මහරෝහලේ ශල්‍ය වෛද්‍ය නිර්දේශය වී ඇත. විශ්‍රාමික තිදරු පියකු වන ඒ මහතාගේ ජීවිතය බේරා ගැනීමට එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලීන් හෝ හිමිනමක් ඉහත ලිපිනයට හෝ දුරකථන අංක 0602105240 ට දැනුම් දෙන ලෙස ඔහුගේ පවුලේ සාමාජිකයෝ ඉල්ලා සිටිති.


පානදුර, සොයිසා පාර, නො. 45 හි පදිංචි හර්ෂ කුමාර තේනුවර මහතා දරුණු වකුගඩු රෝගයකින් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවේ. ඔහු සුවපත් කරගැනීම සඳහා “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු යයි, වෛද්‍ය මතය වේ. ඔහුට “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතෙක් සිටී නම් මෙම දුරකථන අංක වලට හෝ ඉහත ලිපිනයට දන්වන මෙන් ඔහුගේ භාර්යාව වන චම්පිකා සමරනායක මහත්මිය ඉල්ලා සිටී. දුරකථන අංකය, 0777508334/0773996701 වේ.

 


පන්නිපිටිය, කලල්ගොඩ අංක 55/7 හි පදිංචි, දෙදරු පියකු වන එච්.එස්. දාබරේ මහතා (කොළඹ රාජකීය විද්‍යාලයීය 80 වසරේ ආදි ශිෂ්‍ය) දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් වහාම බද්ධ කළ යුතුයැයි විශේෂඥ වෛද්‍යවරු නිර්දේශ කර ඇත. එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලීන් ඉහත ලිපිනයට හෝ දුරකථන අංක 060 2181694, 077 3544673 ට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.