Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී රෝහණ පාර්ශ්වයේ උපසම්පදා උළෙල මැයි 08, 09, 10, 11 දිනවල

ස්‍යාමෝපාලි වංශික මහානිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ 23 වන උපසම්පදා මහෝත්සවය 2008 මැයි මස 08, 09, 10, 11 යන දිනයන්හි පැවැත්වීමට එම සංඝ සභාව තීරණය කර ඇත. උපසම්පදාව ලැබීමට නිසි වයස් සම්පූර්ණ වූ උපසම්පදාපේක්‍ෂකයන් සිය අයදුම්පත් “මහා ලේඛකාධිකාරී පන්ථාරාම පුරාණ විහාරය, පහළ පීක්වැල්ල, මාතර” යන ලිපිනයෙන් ලබාගත යුතු බව මහනාහිමියෝ පැවසූහ.

සිරිත් පරිදි මෙවර ද රටට, දැයට, සමයට සේවාවන් සිදුකරන සත්පුරුෂයන් වෙත ගරු නාම සම්මුති ප්‍රදානය කිරීම මැයි 08 වනදා පැවැත්වීමට යෝජිත ය. සම්මාන පුද කිරීමට අපේක්‍ෂිතයන් පිළිබඳව කරනු ලබන යෝජනා සඳහා “ලේකම්, ගරු සම්මාන පිරිනැමීමේ අංශය, පහළ පීක්වැල්ල මාතර” යන ලිපියෙන් අයදුම් පත් ලබාගෙන නොපමාව ඉදිරිපත් කළ යුතු ය. 09, 10, 11 දිනයන්හි උපසම්පදා කටයුතු සිදුකිරීමට නියමිතය. මෙවරද සංඝ සභා මූලස්ථානය වූ පරෙයිදූව රන්දූපත ශ්‍රී රෝහණ උපසම්පදා මාලකයේදී උපසම්පදා කටයුතු සිදු කිරීමට අපේක්‍ෂා කෙරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.