Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා මහා විනය කර්මය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මගින් වර්ෂ දෙකකට වරක් පවත්වන උපසම්පදා විනය කර්මය 2008 ජූලි 05 දින ආරම්භ කොට පැවැත්වීමට කටයුතු සංවිධානය වෙමින් පවතී. මෙවර උපසම්පදා පුණ්‍ය කර්මය සිදු කරන්නේ කෑගලු සංඝ සභාවේ සංවිධානයෙන්, පොල්ගහවෙල, කුලීපිටිය, විජයතුංගාරාමය මධ්‍යස්ථානය කරගෙන පොල්ගහවෙල, කරදන පාලම අසල, මා ඔයේ ඉදිකෙරෙන උදකු‍ෙක්‍ඛප සීමා මාලකයේ ය.

උපසම්පදා ඉල්ලුම් පත්‍ර භාරගැනීම් ආදිය පිළිබඳ සියලු විස්තර මේ වන විට ප්‍රාදේශීය සංඝ සභා කොට්ඨාස හතලිස් තුනේ ලේකම් ස්වාමීන් වහන්සේලා වෙත දැනුම් දී ඇත. උපසම්පදාපේක්‍ෂකයන් වහන්සේලා තම තමන් අයත් සංඝ සභාවල ලේකම් හිමිවරුන්ගෙන් උපසම්පදාපේක්‍ෂක ප්‍රකාශ පත්‍ර ලබාගෙන ඒවා නිසිසේ සම්පූර්ණ කොට, සාමණේර සහතිකයේ පිටපතක් ද සමග 2008 අප්‍රේල් 25 දිනට පෙර ඒවා එම ලේකම් හිමිවරුන් වෙත භාර දිය යුතු ය.

ලේකම් ස්වාමීන් වහන්සේලා මැයි 10 දිනට පෙර එම ප්‍රකාශ පත්‍ර හා සාමණේර සහතික සඤ්ඤාලේඛකාධිකාරී, මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ, විද්‍යාවාස පිරිවෙන, මිණීඔලුව, මීරිගම යන ලිපියට ලියාපදිංචි තැපෑලෙන් එවීමට කටයුතු යෙදිය යුතු වේ. උපසම්පදාපේක්‍ෂක පරීක්‍ෂණයට අදාළ නිර්දේශපත්‍ර හා ඉල්ලුම් පත්‍ර පටිපත්ති සංවර්ධන ලේඛකාධිකාරී අංකුඹුරේ පේමවංශ ස්වාමීන් වහන්සේ, විද්‍යාසාගර පිරිවෙන, හුරීකඩුව, මැණික්හින්න යන ලිපිනයෙන් ලබාගත හැකි බවත් සඤ්ඤාලේඛකාධිකාරී, ත්‍රිපිටක විශාරද, ශාස්ත්‍රපති, මකුලෑවේ විමල හිමියෝ නිවේදනය කරති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.