Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ස්වස්තික සහෝදර සමිතියේ දන්සැල මෙවරත්

කොළඹ ස්වස්තික සහෝදර සමිතිය මගින් වාර්ෂිකව පවත්වන රත්නපුර පාරේ ඇහැල කණුව අසල මහා දන්සැල මාර්තු මස 19, 20 හා 21 දිනවලදී පැවැත්වේ.

1934 දී අරඹා මේ දක්වා අඛණ්ඩව පවත්වාගෙන එනු ලබන එම දන්සැල මෙවර පවත්වන්නේ එහි 75 වන වාර්ෂික පින්කමයි. ශ්‍රීපාද වන්දාන සඳහා පැමිණෙන බැතිමතුන්ට පවස නිවාගැනීම සඳහා සිසිල් බීමත්, ආහාරමය දානයක් හා රාත්‍රී කාලයේ අධික ශීතලයෙන් මළුව කරා පැමිණෙන අයට තේ, කෝපි, හා කොත්තමල්ලි ආදියෙන් සංග්‍රහ කිරීම හා වෙනත් ශාසනික කටයුතු වෙනුවෙන් කැපවීම එම සමිතියේ අරමුණ වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.