Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දිගන පුරාණ විහාරයේ ගුණානුස්මරණ පින්කම

පන්නිපිටිය, පැලැන්වත්ත, දිගන පුරාණ විහාරාධිපතිව වැඩසිට අපවත්වී වදාළ තලවතුගොඩ ශ්‍රී ධර්මාලෝකාභිධාන සීනාදි සිව් කෝරළයේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ දසවැනි ගුණානුස්මරණ ශතාධික මහා සංඝගත දක්‍ෂිණාව හා විහාරාධිපති ඉත්තෑපාන ධම්මාලංකාරාභිධාන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට හා මාංගොඩ ශ්‍රී දේවානන්ද මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු දායක දායිකා පිරිසට, රට දැය සමය සුරකින රණවිරුවන්ට, රජයට හා සියලු රට වැසියන්ට ආශිර්වාද පතා කෙරෙන සර්ව රාත්‍රික මහා පිරිත් දේශනා පින්කම මාර්තු 01 හා 02 යන දෙදින පන්නිපිටිය දිගන පුරාණ විහාරස්ථානයේ දී සිදුකිරීමට දායක සභාව, ශ්‍රී පුණ්‍යාභිවර්ධන උපාසක උපාසිකා සමිතිය, ශ්‍රී ධර්මාලෝක දහම් පාසල, කටයුතු සංවිධානය කර ඇති බව විහාරාධිකාරී රේටියගම ඤාණිස්සර හිමියෝ දන්වා සිටිති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.