Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

විමුක්ති අධ්‍යාත්මික පදනමේ පින්කම් මාලාව

විමුක්ති අධ්‍යාත්මික පදනම සංවිධානය කරන අනුරාධපුර වාර්ෂික සම්බුද්ධ පූජා පින්කම් මාලාවේ 19 වන සංවත්සරික පින්කම් මාලාව මාර්තු 06 දා සිට 09 වැනිදා දක්වා අනුරාධපුර මහමෙව්නා උයනේදී පැවැත්වෙයි. ජයශ්‍රී මහා බෝධීය, රුවන්මැලි මහා සෑය, හා ථූපාරාමය අබියස දී එම දිනයන්හි විශේෂ පින්කම් මාලාවක් සිදුකැරේ. ශීල, සමාදාන, විශේෂ ධර්ම දේශනා, සත්බුද්ධ පූජා, භාවනා, සංඝගත දක්ෂිණා ප්‍රදීපාලෝක පූජා, කප්රුක් පූජා, චිවර පූජා, අටපිරිකර පූජා, නෙළුම් මල් පූජා, සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව, ථූපාරාම සෑ මළුවේ සිට පැවැත්වෙන පංචතූ®ර්ය සහ පොහොය හෙවිසි පූජාව ඇතුළු පින්කම් රැසක්ද වේ.

මාර්තු මස 06 වැනිදා ජය ශ්‍රී මහා බෝධිය අබියස දී බෝධි වන්දනා පින්කම්ද, 07 වැනිදින රුවන්මැලි මහාසෑය අබියසදී චෛත්‍ය වන්දනා පින්කම්ද, 08 වැනිද ථූපාරාමය අබියසදී චෛත්‍ය වන්දනා පින්කම් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

රාජගිරිය පට්ඨාන විහාරාධිපති මෙදේරිපිටියේ චන්ද්‍රවංශ නා හිමියන් විසින් බුද්ධ පූජාව පවත්වනු ලැබේ.

ථූපාරාම සෑ මළුවේ සිට පැවැත්වෙන විශේෂ සංවත්සර ධර්ම දේශනාව හා දෙබෑගම සුධම්ම හිමි ගුණ සමරු විමුක්ති ධර්ම දේශනාව අනුරාධපුර , කුරුන්දන්කුලම, මිහිඳු ආරාණ්‍ය සේනාසනාධිපති ගල්පාන සුමන නා හිමියන් විසින් පවත්වනු ලැබේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.