Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගුණ සමරු පින්කම හා වාහල්කඩ විවෘත කිරීම මඩපාත දී

මඩපාත ශ්‍රී ශෛලතලාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ කොළඹ සල්පිටි කෝරලයේ ප්‍රධාන සංඝනායක මාකෙහෙල්වල ධම්මානන්ද නාහිමියන්ගේ 10 වැනි ගුණානුස්මරණ පින්කම පෙබරවාරි මස 23 වැනිදා දවස පුරා සිදුකෙරේ.

එදින පෙරවරු 11.00 ට සුනිල් පද්මන් ජයන්ත මහතා විසින් ඉදිකරවන ලද වාහල්කඩ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති බෙල්ලන්විල රජමහා විහාරාධිකාරි කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ සුරතින් විවෘත කෙරේ.

එමෙන්ම ජිනදාස ආටිගල මහත්මියගේ් ධන පරිත්‍යාගයෙන් ඉදිකළ ජල මල් පොකුණ ද, සඟසතු කොට පූජා කෙරේ.

එදින දවල් විසිනමකට අධික මහා සංඝරත්නයට දවල් සපිරිකර මහා දක්ෂිණාවකි. පෙබරවාරි මස 24 දින සවස 6.00 ට කාව්‍යමය ධර්ම දේ්ශනා පින්කමක්ද පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.