Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කළුබෝවිල හත්බෝධි විහාරයේ දී ධර්ම දේශනා මාලාවක්

කළුබෝවිල හත්බෝධි විහාරස්ථ ශ්‍රී බෝධිරාජ කුළගන සමිතිය හා දායක සභාව මෙහෙයවීමෙන් වාර්ෂික අටවිසි සම්බුද්ධ පූජා සහිත ධර්ම දේශනා පින්කම් මාලාව පෙබරවාරි මස 27 වැනිදින සිට මාර්තු මස 14 වැනි දින දක්වා පැවැත්වේ.

දිනපතා සවස 6.30 ට බුද්ධ පූජාවක්, රාත්‍රී 7.30 ට ධර්ම දේශනාවත්, ආරම්භ වේ. දිනපතා පිළිවෙළින් ධර්ම දේශනා පවත්වනු ලබන්නේ වැලිහෙලතැන්නේ කළ්‍යාණසිරි හිමි, පිටිදූව සිරිධම්ම හිමි, බොරැල්ලේ අතුල නාහිමි, මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමි, දොඩංගොඩ අස්සජි නාහිමි, පිටිදූව ධම්මික හිමි, මාවරලේ භද්දිය හිමි, පදලංගල ධම්මදේව හිමි, ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි, වැලිමඩ පසන්න මානස හිමි, බැන්ඩියමුල්ලේ විපස්සි තිස්ස හිමි, උයන්වත්තේ ඤාණාලෝක නාහිමි, කථිකාචාර්ය මඩවල ධම්මික හිමි, මන්ඩාවල චන්දරතන හිමි, මාලිම්බඩ පඤ්ඤාසාර හිමි, කථිකාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විසිනි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.