Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

චීන බෞද්ධ සත්‍ය කථා

සත්ව කරුණාව

වසර දෙදහසකට පෙර ඉන්දියාවේ එක් ස්ථානයක මත්ස්‍යයින්ගෙන් පිරුණ ඉතා අලංකාර පොකුණක් තිබුණේය. දීර්ඝ කාලයක් තිස්සේ එම මත්ස්‍ය පොකුණේ ජීවත් වූ මත්ස්‍යයින්ට කිසිදු පීඩාවක් නැතිව සැපසේ නිදහසේ සිටීමට හැකිවිය.

අවාසනාවකට මෙන් එක් සමයක දීර්ඝ කාලයක් පැවැති නියඟයක් නිසා එම මත්ස්‍ය පොකුණේ ජලය ක්‍රමයෙන් හිඳී යන්නට පටන් ගත්තේය.

එවිට එහි මත්ස්‍යයින්ට භයානක තත්ත්වයක් උදාවී තිබේ. ඒ නිසා සියලුම මත්ස්‍යයින්ට මරණ තර්ජනය දොරකඩටම පැමිණ ඇත.

මේ අතර එක් දිනෙක එම පොකුණ සමීපයෙන් ගමන් කළ කාරුණික සැදැහැවත් පුද්ගලයෙක් එහි ඇති මත්ස්‍යය සමූහයා දැක මහත් කම්පාවට පත්ව කෙසේ හෝ මේ සතුන් මරණයෙන් මුදාගත යුතුය යන චේතනාව ඇතිව මේ සඳහා කළයුතු දෙය ගැන කල්පනා කෙළේය. තමාට මේ සඳහා උපායක් කල්පනා වී වහාම එරට රජතුමා හමුවීමට ගොස් මෙසේ කියා සිටියේය.

“දේවයන් වහන්ස! අසවල් පොකුණේ ජලය නියඟය නිසා සිඳී ගොස්ය. විශාල මත්ස්‍ය සංඛ්‍යාවක් මරණාසන්නව සිටිති.

ඔබ වහන්සේගේ කාරුණික ආධාරය මට ලැබුණහොත් ඒ සියලුම මත්ස්‍යයින් මරණයෙන් මුදා ගත හැකිය. පොකුණ ජලයෙන් පුරවා මසුන්ට එහි නිරුපද්‍රිතව ජීවත්වීමට සැලැස්විය හැකිය. මට ඔබ වහන්සේගෙන් හොඳ ඇතුන් විසි දෙනෙක් පමණ ලැබේවා”

රජතුමා දැහැමි නරපතියෙක් උසස් ප්‍රතිපත්ති ගරුක බෞද්ධයෙකි. මේ සැදැහැවත් මනුෂ්‍යයාගේ ඉල්ලීම ඇසූ වහාම රජතුමා මහත්සේ සතුටුව ඔහුට මෙසේ කීවේය.

“ ඔබේ සිතෙහි මේ තරම් උසස් කරුණා සහගත සිතිවිල්ලක් පහළ වීම ගැන මම පුදුමයට පත්වීමි. ඔබ වැනි දැහැමි සත්පුරුෂයන් මගේ රාජ්‍යයේ සිටීම මට ආශීර්වාදයකි. වාසනාවකි. පින්වත! ඔබ වහාම රාජකීය ඇත්ගාලට යන්න. ඔබේ කටයුත්තට ප්‍රමාණවත් ඇතුන් සංඛ්‍යාව රැගෙන යන්න පොකුණ ජලයෙන් පිරවීමට අවශ්‍ය සියලුම කටයුතු කරන්න “

රජුගේ ප්‍රකාශය ඇසූ ඒ මහළු සත්පුරුෂ තෙම වහාම තම නිවසට ගොස් පුතුන් දෙදෙනා ද කැටිව ඇත්හලට ගොස් ඇතුන් මුදාගෙන මද්‍යසාර පෙරන්නා කරා ගොස් ජලය ප්‍රවාහනය කිරීමට අවශ්‍ය සම් පසුම්බි ප්‍රමාණයක් ණයට ලබා ගත්තේය.

ඒ කාලයෙහි මද්‍යසාරය ප්‍රවාහනය කිරීමටත් ගබඩා කර තැබීමටත් ඉන්දියාවේ භාවිත කරන ලද්දේ සමින් සාදා නිමකරන ලද පසුම්බි (ඹ්ධ්Qඋර්‍ණඅ ඕඒට්ඉ ) විශේෂයකි .

පුතුන් දෙදෙනාත් ඇතුන් විසි දෙනාත් සමග පසුම්බිද රැගෙන ප්‍රදේශයේ තිබුණ විශාලම ගංගාව වෙත ගිය වැඩිහිටි තෙම පසුම්බිවල ජලය පුරවා ඒවා ඇතුන් පිට පටවාගෙන ගොස් මත්ස්‍ය පොකුණට ජලය මුදා හැරියේය. වාර කීපයක් මෙසේ කරන විට පොකුණ සම්පූර්ණයෙන්ම ඉඩෝරයට කලින් තිබුණ ආකාරයටම පිරී ශෝභා සම්පන්න ලෙස දීප්තිමත් විය. මත්ස්‍ය සමූහයා ඉතා සතුටු සිතින් ජලයේ පිහිනමින් නටමින් උඩ පනිමින් සතුටු වනු දුටු දැහැමි පුද්ගලයාගේ සිතෙහි වර්ෂ ගණනක් තිස්සේ තිබුණ සියලු දුක් දොම්නස් අහෝසි වී මහත් සතුටක් වින්දේය. පිරීගිය පොකුණ සුළඟින් දිය රැළි නැගෙනු දුටු ඔහුට පී‍්‍රතිය නිම් හිම් නැති විය.

මේ ශුභ ආරංචිය රජුට වාර්තා කිරීමට ඔහු සවස් කාලයේ ඇතුන්ද දක්කාගෙන රාජ මන්දිරයට ගියේය. ඔහු රාජ ගෞරවයටද පාත්‍ර විය.

(THE LOVE OF LIFE )  අනුග්‍රහයෙනි


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.