Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

ජාඇල, උතුරු බටගම අංක, 371/ එෆ් නිවසේ පදිංචි 57 වියැති කේ.කේ. ඇන්ටනී ලයනල් පෙරේරා මහතා දරුණු හෘදයාබාධයකින් පෙළෙන බවත් හෘද සැත්කම සඳහා විශාල මුදලක් වැයවන බවත් කොළඹ පෞද්ගලික රෝහලක හෘද රෝග වෛද්‍ය නිර්දේශය වී ඇත.

දරුවන් පස්දෙනෙකුගේ පියකු වන මොහු ත්‍රීවීලර් රථ රියදුරකු ලෙස සේවය කර ඇති බවත් කියයි.

වෙනත් ආදායම් මාර්ගයක් නොමැති මොහුගේ හෘද සැත්කම සඳහා පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතා ජා ඇල, මහජන බැංකුවේ ගිණුම් අංක 02392070413822 දරන ගිණුමක් ආරම්භ කර ඇති බවද ඇන්ටනී ලයනල් පෙරේරා මහතා දැනුම් දෙයි.

----------------------------------------------------------------------

දෙහිවල, බෙල්ලන්තර පාර, අංක 21/5 නිවසේ පදිංචි අයි.ඩබ්.ඒ.කේ. චූලක නමැති 41 වියැති තිදරු පියා හෘදයාබාධයකින් පෙළෙන බැවින් ඔහුට බද්ධ ශල්‍ය කර්මයක් කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ. ශල්‍ය කර්මය සඳහා විශාල මුදලක් වැයවන බවද කියයි. රැකියාවක් හෝ වෙනත් ව්‍යාපාරයක් කරගෙන යාමටද හැකියාවක් නොමැති බවද එම නිසා පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතා බොරලැස්ගමුව සෙලාන් බැංකුවේ 034000377127101 දරන ගිනුමක් ආරම්භ කර ඇති බවද කියයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.