Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

‘කොහොඹා කංකාරිය’ 16 දා දැරණියගල දී

ජනාධිපතිතුමාට, රජයට, ත්‍රිවිධ හමුදාවට, පොලීසියට, හා ජනතාවට සෙත්පතා කොහොඹා කංකාරිය ශාන්තිකර්මය රඟ දැක්වීම මෙම 16 වැනිදා දැරණියගල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේ දී සිදු කැරේ. පාරිභෝගික කටයුතු අමාත්‍යතුමාගේ ඉල්ලීම පරිදි සංස්කෘතික අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් අපගේ ගිලිහී යන සංස්කෘතික උරුමයක් වූ කොහොඹා කංකාරිය ශාන්ති කර්මය රඟ දැක්වීම සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ හා විදුලි බල හා බලශක්ති අමාත්‍ය ඩබ්ලිවි.ඩී. ජේ. සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු මැති ඇමතිතුමන්ලාගේ සහභාගීත්වයෙන් මෙම 16 දින පස්වරු 6.00 සිට පසුදා පහන් වනතුරු දැරණියගල ප්‍රාදේශීය සභා පිටියේ දී අති උත්කර්ශවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා තිබේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.