Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා විනය කර්මය

ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ වාර්ෂික උපසම්පදා මහෝත්සවය 2008 ජූනි මස 12, 13, 14 යන දිනයන්හි කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේ දී පැවැත්වේ.

මෙවර උපසම්පදාව සඳහා අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන එම සංඝ සභාවට අයත් ස්වාමීන්ද්‍රයන් වහන්සේලා අදාළ ඉල්ලුම් පත් සම්පූර්ණ කර 2008 අප්‍රේල් මස 20 වන දිනට පෙර උපසම්පදා ලේඛකාධිකාරීන් වහන්සේ වෙත ලැබෙන්නට සැලැස්විය යුතු වේ.

නියමිත ඉල්ලුම්පත් උපසම්දා ලේඛකාධිකාරී කොටපිටියේ රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේ, බෝධිද්‍රෘමාරාමය, තල්පිටිය, වාද්දූව යන ලිපිනයෙන් හෝ ඒ ඒ පාර්ශවයන්හි උපාධ්‍යායන් වහන්සේලාගෙන් ප්‍රධාන සංඝ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගෙන් ලබාගත හැකි බව ප්‍රධාන ලේඛකාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන මාහිමියෝ දැනුම් දෙති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.