Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අටමස්ථානාධිපති නා හිමි ප්‍රසාද ප්‍රණාම උළෙල ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස දී 18 වැනි දා

ආචාර්ය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අටමස්ථානාධිපති පදවි ප්‍රාප්ති දස වර්ෂය වෙනුවෙන් පිදෙන ප්‍රසාද ප්‍රණාමය සහ උන්වහන්සේගේ චරිතාපදානය එළිදැක්වීමේ පුණ්‍යෙීත්සවය ස්‍යාමෝපාලී මහානිකායේ මල්වතු පාර්ශවයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් මෙම මස 18 වැනි දා පෙරවරු 9 ට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී පැවැත්වේ.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ප්‍රධාන අටමස්ථානය වෙනුවෙන් දස වර්ෂයක් තුළ පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නා හිමියන් කළ සුවිශාල වූ ශාසනික හා සංවර්ධන සේවාව අගයමින් එම උත්සවය පැවැත් වේ. එහි සියලු සංවිධාන කටයුතු උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා ප්‍රධාන උතුරු මැද පළාත් සභාව විසින් මෙහෙයවනු ලැබේ. එදින ප්‍රධාන පැවිදි දේශනය අනුරාධපුර භික්‍ෂු විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නා හිමියන් විසින් පැවැත්වීමට නියමිත ය. එහිදී ප්‍රධාන ගිහිදේශනය උතුරු මැද පළාතේ ආණ්ඩුකාරවර කරුණාරත්න දිවුල්ගනේ මහතා විසින් පවත්වනු ඇත. අටමස්ථානාධිපති ප්‍රසාද ප්‍රණාම උලළෙහි සුවිශේෂ අවස්ථාව වන්නේ කේ.එම්. අයි. ස්වර්ණසිංහ මහතා විසින් රචිත අටමස්ථානාධිපති හිමියන්ගේ චරිතාපදානය වන “බෝමළුවෙ තෙරුන්නාන්සේ” කෘතිය එළිදැක්වීම වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.