UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ලෙනවර දහම් පාසල් උළෙල 10 දා

හල්තොට ලෙනවර රජමහ විහාරස්ථ ශ්‍රී සද්ධාතිස්ස දහම් පාසලේ 24 වන සංවත්සර උළෙල හා ත්‍යාග ප්‍රදානය පෙබරවාරි මස 10 දා පස්වරු 2.30 ට කොළඹ මහ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක සීතාවකපුර පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයෙහි අධ්‍යක්ෂ වේරහැර ශ්‍රී අරියවංශ නාහිමියන්ගේ හා ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංවිධානයේ සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම විහාරස්ථානයේදී පැවැත්වේ.

එම අවස්ථාවට සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛාධිකාරි ශාස්ත්‍රපති ගෝනදූවේ ගුණානන්ද, කළුතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛාධිකාරි ගල්තුඩේ පඤ්ඤාකිත්ති, මිල්ලණිය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී ඕමන්තේ හේමාරාම යන හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය ද, ශ්‍රී ලංකාවේ මහාභාරකාර ජේ. එම්. ජේ.පී. බණ්ඩාර, කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ සභාපති අජිත් ද සොයිසා, කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ සභික දේශබන්ධු ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන, නිමල් චන්ද්‍රරත්න, චන්ද්‍රසිරි කරුණාරත්න, බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලලිත් එල්ලාවල, මිල්ලණිය ප්‍රාදේශීය ලේකම් ඩබ්.ඒ. ධම්මික රාජපක්ෂ, හොරණ සහකාර පොලිස් අධිකාරි එච්.එම්. ධර්මසේන සහ කොළඹ ඩේවිඩ් පීරිස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජගත් කුලතුංග යන මහත්වරුද සහභාගි වෙති.

දුරුතු අමාවක 

 පෝය පෙබරවාරි 06 වනදා බදාදා පූර්ව භාග 09.27 ට ලබයි.
7 වනදා බ්‍රහස්පතින්දා පූර්වභාග 09.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 06 වනදා බදාදාය.

මීළඟ පෝය
පෙබරවාරි 14 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 06

First Quarterපුර අටවක

පෙබරවාරි 14

Full Moonපසෙලාස්වක

පෙබරවාර 20

Second Quarterඅව අටවක

පෙබරවාර 29

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]