Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

බදුල්ල කැන්දගොල්ල දමන්වර පාලුවත්තේ ගෙදර පදිංචි අවුරුදු 20 ක් වයසැති වසන්ති රේණුකා රත්නායක දැරියගේ වකුගඩු අකර්මණ්‍ය වී ඇති බව මහනුවර මහරෝහලේ වෛද්‍ය නිර්දේශය වී ඇත. ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමෙන් ඇයගේ ජීවිතය බේරා ගත හැකි බව වෛද්‍යවරුන්ගේ මතයයි. එබැවින් එම රෝගියාට වකුගඩුවක් දන්දීමට ඉදිරිපත් වන්නේ නම් පහත සඳහන් ලිපිනයට අදාළ විස්තර ලබා දෙන ලෙස ඉල්ලීමක් කැරේ.
ලුණුගල නන්දසාර හිමි, ශ්‍රී සුදර්ශනාරාමය, පුස්වැල්ගොල්ල, කැන්දගොල්ල, බදුල්ල, දුරකථන අංකය – 055 – 2226116 වේ.

############################

දිවුලන්කඩ කුසුම්පොකුණ නො. 301 ලිපිනයෙහි පදිංචි කේ.එච්.එම්. ඩිංගිරි බණ්ඩාර අවු.45 වයසැති තිදරු පියෙකි. ඔහු දැනට වසර 04 ක පමණ සිට වකුගඩු රෝගයෙන් පෙලෙන අතර මහනුවර මහ රෝහලේ වෛද්‍ය නිර්දේශය මත වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍යව ඇතැයි කියයි. තවද ඒ සඳහා අවශ්‍ය ඖෂධ සඳහා විශාල මුදලක් පුද්ගලිකව වැය කිරීමට සිදු වී ඇතැයි ද එහෙත් එවැනි මුදලක් වැය කිරීමට තරම් ආර්ථික හැකියාවක් ඔහුට නොමැති බවද කියයි. ඔහුට පාසල් යන වයසේ දරුවන් තිදෙනෙකු සිටින අතර මහන්සිවී ගොවිතැන් කටයුතු වල යෙදීමට ද නොහැකි බවද කියයි. ශල්‍යකර්මයට හා ඖෂධ ලබා ගැනීමට යන වියදම පියවා ගැනීමට පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතා මැදිරිගිරිය මහජන බැංකුවේ 207-013089 –6 ගිණුමට ආධාර කළ හැකි බවද 027 – 5687652 දුරකථනය මගින් විස්තර දැන ගත හැකි බවද එම රෝගියා කියයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.