Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

අංගොඩ හිඹුටාන පාරේ අංක 371/2 දරණ නිවසේ පදිංචි සුනිල් දොඩංගොඩ මහතා වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඒ මහතාට ‘ඕ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය වී ඇති බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත. එබැවින් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙක් වේ නම් දුරකථන අංක 011 -2419813 හෝ 077 - 3732055 අමතන ලෙස ඒ මහතාගේ ඥාතීහු ඉල්ලීමක් කරති.

එම රෝගියාගේ ප්‍රතිකාර සඳහා මේ විට විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇති හෙයින් මුදල් පරිත්‍යාගයක් කරන්නේ නම් ඒ .ආර්. දොඩංගොඩ සම්පත් බැංකුව බොරැල්ල ශාඛාවේ ගිණුම් අංක 100450005082 ට බැර කරන මෙන්ද ඉල්ලීමක් කැරේ.

##############################

ජාඇළ ඉඳිවිටිය මුල්ලවත්ත පාර 89/4/ඩී ලිපිනයේ පදිංචි එච්.කේ. ආර්.එල්.මාකස් මහතා යුධ හමුදා සෙබලෙකු වන අතර ඔහු වකුගඩු රෝගයෙන් නාරාහේන්පිට හමුදා රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව ඒ මහතාගේ පියාවන එච්. කේ. එම්. මාකස් මහතා කියයි. එම රෝගියා හට බී පොසිටිව් ලේ වර්ගයේ වකුගඩුවක් පිරිනැමීමට කැමති පරිත්‍යාගශීලියෙකු වෙතොත් ඉදිරිපත් වී තම පුත්‍රයාගේ ජීවිතය බේරා දෙන්නැයි රෝගියාගේ පියා ඉල්ලීමක් කරයි.

##############################

ලග්ගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරි වශයෙන් සේවය කරන අංක 118, හත්තොටඅමුණ , මාතලේ පදිංචි ආර්. එම්. ඒ.බී. රත්නායක මහතාට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට ඉතා ඉක්මනින් අවශ්‍ය වී ඇත .

එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙක් හෝ හිමිනමක් වෙතොත් 060 - 2664640 දුරකථනයට හෝ ඉහත සඳහන් ලිපිනයට දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.

##############################

ගල්ගමුව මැතිවරණ කොට්ඨාශයේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇඹෝගම , වලන්වැව 125 හි පදිංචි 37 වියැති එස්. බී. අනුර බණ්ඩාර නමැති අය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බවත්, ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා ඕ වර්ගයේ ලේ ඇති වකුගඩුවක් බද්ධ කළ යුතු බවත් වෛද්‍ය නිර්දේශය වේ.

දෙදරු පියකුවන අනුර බණ්ඩාර මහතා අඳ ගොවියකු ලෙස ක්‍රියා කරන බවත්, ශල්‍ය කර්මයක් මාස 2 ක් වැනි කාලයක් තුළදී කළ යුතු අතර ඒ සඳහා විශාල මුදලක් වැයවන බවත් කියයි. දෙදරු පියකු වන ඒ මහතා සමෘද්ධි සහනාධාරය මත යැපෙන බවද කියයි.

වකුගඩු ශල්‍යකර්මයට විශාල මුදලක් වැය වන බැවින් පරිත්‍යාගශීලින්ගේ සහාය ඊට අපේක්ෂා කැරේ.

##############################

මහවැව පුංචිගංගොඩ පදිංචි 32 හැවිරිදි ඩබ්ලිව්.ඒ.යූ. රුද්‍රිගු මෙනවිය වකුගඩු ආබාධයෙන් පෙළෙන බැවින් ඇය සුවපත් කිරීමට වකුගඩුවක් බද්ධ කල යුතු යැයි වෛද්‍ය නිර්දේශය වී ඇත. එබැවින් ඕ පොසිටිව් ලේ වර්ගයට අයත් වකුගඩුවක් පිරිනැමීමට කැමැති අයකු වෙතොත් 032- 2256120 හෝ 072 4308039 යන දුරකථන අංකයක් වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.