Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් මෙහෙයවන සර්ව රාත්‍රික අසිරිමත් ස්වර්ණමාලි මහ සෑ වන්දනාව

සර්ව රාත්‍රික අසිරිමත් ස්වර්ණමාලි මහ සෑ වන්දනාව කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් පෙබරවාරි 2 වනදා සවස 6 ට සිට රැය පහන් වන තුරු අනුරාධපුර රන්මැලිසෑ මළුවේදී පැවැත්වේ.

එදින විදුලි බුබුලු දස ලක්‍ෂයකින් මුළුමනින්ම වැසෙන සේ රුවන්මැලි සෑය ආලෝකමත් කැරේ. බෞද්ධ ධජ වලින් පේසා වළලු සරසනු ලැබේ. දාස්පෙතියා මල් පන් ලක්‍ෂයක මල් මාලාවක් පළඳවනු ලැබේ. නෙළුම් මහනෙල් පිරවූ පුන් කළස් දහසකින් පිදේ. සත් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ පන්සියයක් මහ රහතන් වහන්සේට ප්‍රණීත ක්ෂීරපායාස දාන පාත්‍රයක් පූජා කැරේ.

රුවන්මැලි මහ සෑ ඉතිහාසය හා තෙරුවන් වන්දනා, පිරිත් සජ්ඣායනා කරමින් රැය පහන් වන තුරු ස්වර්ණමාලී මහා සෑය වන්දනා කිරීම ආදී දුර්ලභ ගණයේ පින්කම් රැසක් සිදුවේ. එදින මහ සෑ වන්දනාවේ මල් පූජාවට සහභාගි වීමට කැමැති නම් පෙබරවාරි 1 වනදා සවස දාස්පෙති මල් නෙළුම් මහනෙල් මල් ආදිය රන්මැලිසෑ භූමියට ලැබීමට සලස්වන්නයි ඉල්ලීමක්ද කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.