Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන් රජ මහා විහාරයේ දී වසරක් පුරා පිරිත් දේශනාවක්

වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන් රජ මහා විහාරාධිපති වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය තුඹුල්ලේ ශ්‍රී සීලඛන්ධ නාහිමියන්ගේ අනුශාසනා පරිදි රටටත් ජනතාවටත් රට රැකුමෙහි නියුක්ත වීර රණවිරුවන්ටත් සෙත් පතා රටට සාමය සමගිය උදාවීම පිණිසත් එම විහාරස්ථානයේ ඉදිවෙමින් පවත්නා ලෝකයේ උසම සක්මන් බුදුරුවේ සිරිපතුලේ නිදන් වස්තු තැන්පත් කිරීමත් නිමිත්තෙන් ජනවාරි 21 වැනිදා සිට ඇරැඹුණු පරිත්‍රාණ ධර්ම දේශනාව පුරා දින තුන්සිය හැටපහක් (365 ක) මුළුල්ලෙහි එනම් 2009 ජනවාරි 20 වනදා දක්වා පැවැත්වේ.

නිදන් වස්තු තැන්පත් කිරීම ඉකුත් 21 වැනිදා අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන්ගේ හා මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.