Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුද්ධියේ පිළිවෙතට එළැඹුණු තැනැත්ත

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස

යථා සංඛාර දානස්මිං
උජ්ජි තස්මිං මහාපථෙ
පදුමං තත්ථ ජායෙථ
සුචි ගන්ධං මනෝරමං
ඒවං සංඛාර භූතේසු
අන්ධ භූතේ පුථුජ්ජනේ
අතිරෝචති පඤ්ඤාය
සම්මා සම්බුද්ධ සාවකෝති

ශ්‍රාවක පාඨක පින්වතුනි,

අද දුරුතු පුර පසළොස්වක පොහොය දවසයි. සම්මත වර්ෂයේ පළමු පුර පොහොය දවසයි.

මා ඉහත මාතෘකා කළ ගාථා දෙකම එක් කළ විට සාමූහික වශයෙන් උද්ධෘතයක් වචනාර්ථයෙන් පිළිවෙළක් කරන්නට පුළුවන්.

අතිරෝචති පඤ්ඤාය සම්මා සම්බුද්ධ සාවකෝ, අප කවුරුත් දන්නවා බුද්ධ ශ්‍රාවක කියන අදහස ‘ බුදුදහම පිළිපදින බෞද්ධයෝ ‘ කියන අර්ථය ගන්න පුළුවන්. මේ බෞද්ධයෝ කියන පුද්ගලයා ගැන අපේ බුදුරජාණන් වහන්සේ උපමා උපමේය වශයෙන් සඳහන් කරනවා. මලක වර්ණවත් බව හා සුවඳවත් බවට මලක වටිනාකම වැඩිවීමට හේතුවක් මලක පැහැපත් බව හා සුවඳවත් බව, එසේ නොවේ නම් එය නොවටිනා මලක්.

බෞද්ධයා කියන පුද්ගලයා උසස් පුද්ගලයකු වන්නේ බුද්ධිමත්ව නැණ නුවණින් පොහොසත් වූ විටය. නැණ නුවණින් පොහොසත් බෞද්ධයා කියන කොට මා හිතන්නේ වෙනත් ආගමික පිරිසකට වඩා බෞද්ධයා සුවිශේෂ විය යුතුමයි . ඇයි? ඔහු නැණවතෙක් , ඔහු කරන කියන කථා බහ යන එන ගමන බිමන ඇතුළු ඔහුගේ සියලු චර්යා විහරණ කරන්නේ, බුද්ධිමත්මයි. බලන්න, අප කථා කරන භාෂාව ගත්තොත් අපේ බෞද්ධයෙක් කියලා කියනකොට කොතරම් අපූරුද?

බුදු දහම අදහන විශ්වාස කරන පිළිපඳින අය තුළ ඇතිවියයුතු සංයමය ගැන කල්පනා කරන විට කොච්චර අපූරු ජන සමාජයක් බිහි විය යුතුද? යන කරුණු ගැන අප හිතන්න ඕනෑ.

අපට තර්කයක් ඇති වනවා නැණ නුවණින් පොහොසත් බෞද්ධයෝ වැඩි මේ රටේ අප ඒ සිතිය යුතු තැන ඉන්නවද? එහෙම නැත්නම් ඊට බාධක මොනවාද? එබඳු අරමුණ සාක්ෂාත් කර ගන්න බැරිවන්නෙ ඇයි? බැරි වුනේ ඇයි ද? මේ වගේ දේවල් අප කථා බහ කරගන්න ඕන.

ධර්ම ශ්‍රවණයේදී මේ කරුණු ගැන අප අහනව බණ ඇහුවා හා සමානව එය අපේ ජීවිත පිළිවෙතට, පැවැත්මට එකතු කර ගන්න ඕන. බණ අහල එය පිළිවෙතක් බවට පත් කර ගන්න ඕන.

හැබෑවටම බෞද්ධයාගේ බුද්ධිමත් බව අප කොතනින් පටන් ගන්නවාද ? නැණ නුවණ පරීක්ෂා කරල බලන්න අප කොතනින් පටන් ගනිමුද? කියන යෝජනාව පළමුව කරන්න කැමැතියි.

බාහිර ලක්‍ෂණ පිළිබඳව අප එතරම් සළකන්නේ නෑ. එහෙම නම් මෙයා කැපී පෙනෙන්නේ මොනවා තුළින්ද?

මොහුගේ ක්‍රියා පිළිවෙත, ගමන් මග අපට හඳුනාගන්න පළමු වන දේ තමයි මනුෂ්‍යයෙකු සතු ප්‍රධානම කාරණය තමයි මොහු ගන්නා තීරණ කුමක්ද? කියන කරුණ වටහා ගන්නට ඕන රූපය , ධනය, හෝ වෙනත් උස් මිටි කම් සළකා අප නැණ නුවණ පරීක්ෂා කරන්නේ නෑ. එහෙම වුවොත් අප එක් සීමාවකට කොටු වෙනවා .

අප පොදු තීරණයක් ගත යුතුයි. බෞද්ධයා පමණක් නොව ශ්‍රී ලාංකිකයා පමණක් නොව සමස්ත ප්‍රජාව පමණක් නොවෙයි මානව සංහතිය පමණක් නොවෙයි ප්‍රාණවාචීන් පිළිබඳ බෞද්ධයාගේ පොදු ප්‍රතිපත්තිය කුමක්ද? කියන කරුණු අප විමසා බැලිය යුතුයි.

ශ්‍රාවක ඔබ හැම දන්නවා ඇති දුක්ඛ , පත්තාච නිද්දුක්ඛා , භයප්පත්තාච නිබ්බයා ,සොක පත්තාච නිස්සෝකා හොන්තු සබ්බේපි පාණිනො අප දුකක් කැමැති නොවන්නේ මිනිසුන්ගේ පමණක් නොවෙයි දිට්ඨායෙව අද්ධිට්ඨා කරණීය සූත්‍රයේදී පැහැදිළි වනවා අප කොයි තරම් දුරට ප්‍රමාණ නැති අප්‍රමාණ ආදරයක් මුළු ලෝකය වෙතම පතුරවන පිරිසක්ද ? අපි .

ඒ නිසා අප අංක එක ලෙස පටන් ගනිමු ජීවිතය පිළිබඳ පණ පිළිබඳ නැණ නුවණින් ඒ තැනට කොහොමද ? එන්නේ කියල “ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි “ ස්වයංව අප අනෙක් කෙනකුගේ ජීවිතයට ගෞරව කරනවා. පාණාතිපාතා වේරමනී ආදී වශයෙන් කියන කොටම මම මේ ලෝකයටම අභයදානය දෙනවා කියල කියැවෙනව නේද? පින්වතුනි! එහි අනෙක් පැත්තට නැණ නුවණින් පිරි බෞද්ධයා මෛත්‍රියේ ඉහළම තැනට පත් කරනවා කියන කරුණු නේද ඒ කියන්නේ , එහෙම නම් ඒ මෛත්‍රී පූර්වක ජන සමාජයක් තුළ ගැටුම් පිළිබඳ ගැටලුවක් නෑ.

අප ජීවත්වන ජන සමාජයේ අපේ ගෙදර අම්ම තාත්ත ඝාතනය කරනව නේද? සතියකට අපේ අම්මල කොච්චර දරුවන්ගෙන් මැරුම් කනවාද? තාත්තල කොච්චර මැරුම් කනවද? පුත්තු තාත්තල අතින් කොච්චර මැරුම් කනවද? එහෙම නම් අප කොච්චර දුරට පිරිහිලාද?

නැණ නුවණින් පිරි බෞද්ධයාගේ අංක එක වටිනාකම මෛත්‍රිය, අභයදානය, හැම කෙනාගේම ජීවිතයට වටිනාකමක් දෙනවා. ඒ වටිනාකමක් දෙන ජීවිතයක් බෞද්ධයා තුළින් තමයි ඇති වන්නේ,

ඉතින් අනෙක් කරුණුත් එහෙම නේ පින්වතුනි, තමා ගැනත් සන්තකව තියෙනව නේ හරි හම්බ කළ දේ පොළ ඒ ඉතා පැහැදිලි නිර්වචන යන් බුදු දහමේ තිබෙනවා. “ අදින්නා “ කිව්වෙ නොදුන් දෙයක් කාටවත් අයිතියක් තිබෙනවාද ? නොදුන් අයිතිය ගන්න පැහැදිලිවම කිසිවකුට අයිතිවාසිකමක් නෑ. එහෙම නම් දේපොළ අයිතියක් අප අතින් තහවුරු වෙනව නේ.කොයිතරම් අපූරු ලක්ෂණයක්ද? ජන සමාජයක දේපොළ අහිතිය තහවුරු කිරීම නැණ නුවණින් පිරි බුද්ධිමතා අනුන්ගේ දේපොළ පිළිබ¼ඳ සහතිකයක් දෙනවා.

“තෙවැන්න කාමෙසුමිච්ඡාචාරා “ බෞද්ධයා අතර තිබෙන්නේ දේවො දේවියා සද්ධිං සංවසති, ඒ උතුම් ගති ලක්ෂණ ඇති මනුෂ්‍යයො දෙදෙනකුගේ ආධ්‍යාත්මික එකතුවක් විවාහය කියල කියන්නෙ. ඒ දෙදෙනාම ගති ලක්ෂණ අතින් එක් අයකු වගෙයි. මේ ජන සමාජයේ පවුල් කියන ඒකකයේ මූලික ආරම්භක බද්ධතාව නිසා එක¼ඟතාවය නිසා හොඳ පුරවැසියන් මේ රටේ බිහිවුණා. අපේ බෞද්ධ විවාහයට පූජනීය ගෞරවනීය තත්ත්වයක් ඇති වුණා. අපාගත වන කරුමයක් නොවෙයි විවාහය.

බෞද්ධයා අප සම්මා ආචාරය පිළිගෙන තිබෙනවා. යහපත් පැවැත්ම අප පිළිගෙන තිබෙනවා. ඊට තහනම් නියෝග නෑ. නමුත් සම්මා ආචාරය පිළිගත් අප මිච්ඡා ආචාරය පිටු දකින අපි ශත වර්ෂ විසි පහක් තුළ මිච්ඡා ආචාරය නිසා සිදුවන බරපතල හානි මෙන්ම විසමාචාර පැවැත්මක් ඇති බව කියා තිබෙනවා.

අද තත්ත්වය කියන්න කණගාටුයි ඒඩ්ස් මාරයාගෙන් බේරෙන්න බැරි තරම්ය. ඒ විසමාචාර පැවැත්ම නිසා බව පැහැදිලියි නේද? අප නොදුටු නොසිතූ® දේවල් ජන සමාජය තුළ අහන්නට ලැබෙන්නේ මිච්ඡා ආචාරය නිසා නැතිනම් වැරැදි පැවැත්ම නිසයි. අපචාර නිසා පැහැදිලිවම ජනසමාජය ව්‍යසනයට ලක් වෙනවා.

අපේ සංස්කෘතිය තුළ අපේ සමාජය තුළ සද්භාවය “ සදාර බ්‍රහ්මචරිය “ “ සදාර සන්තුට්ඨි “යන වචන දෙක අප එතැනදී පාවිච්චි කරනවා. ඒ වචන දෙකම අපේ බුදුදහමේ තිබෙන ඉතාම වටිනාම විශිෂ්ඨම ඒ වචන දෙකක් . “ සදාර බ්‍රහ්මචරිය “ නිවන් දක්නා ජාති දක්වාම සාංසාරික ජීවිතයේ තිබෙන සුසංවිහිත බව, සුරක්‍ෂිතව බව, මේ නිසා අපට සමාජය තුළ කොයිතරම් නම් පැහැදිලිව ජීවත්වන්නට පුළුවන්ද?

ඇත්ත වශයෙන්ම අවුලකින් තොරව ජීවත්වන්න පුළුවන්.

සිවුවැනිව විශ්වසනීයත්වයයි. මේ ජන සමාජයේ එකිනෙකා අතර සැකයෙන් අපට ජීවත්වීම අපහසුයි. නිවසක පවුල් ජීවිතයක් වේවා රැකියා ස්ථානයක වේවා සැකය හොඳ නෑ . විශ්වසනීයත්වය ගොඩ නඟාගත යුතුමයි.

පස් වැනි කරුණ ගැන මා හිතන්නේ කථා කළා වැඩිදැයි සැකයක් ඇති වෙනවා. අප විරුද්ධ මත්පැන කියන වචනයට වඩා මිනිසා සිහියෙන් සිටිය යුතුමයි. මේ ජන සමාජය තුළ මතට හේතු භූත වන්නාවූ සෑම ක්‍රියාවක්ම අප හෙළා දැකිය යුතුය. මිනිසාගේ ජීවිතය කාරණා රැසකින් වැටෙනවා.

මතට ගොදුරුවූ මිනිසාගේ ආර්ථිකය වැටෙනවා. ආරෝග්‍ය වැටෙනවා. ඔහුගේ පවුල් ජීවිතය වැටෙනවා . ආත්ම ගරුත්වය වැටෙනවා.

මේ මත නිසා මිනිසාගේ ඒ හැම දෙයක්ම වැටෙනවා. එහෙම මතින් වැටෙන මිනිසා නිසා වැටෙන්නේ කවුද?

පන්සලත් වැටෙනවා. ඇයි ඔහුගේ දුක කියන්නේ පන්සලේ හාමුදුරුවන්ට අප ඒ වගකීම බාර ගන්නට ඕන. ඒ නිසාම අප මේ මතට විරුද්ධ විය යුතුය.

මෙය භයානත විපතක් ඒ භයානක විපත අප ළං කරගෙන තිබෙනවා. එහෙත් බෞද්ධයා බුද්ධිමතෙක් නම් කවදාවත් මෙබඳු අවිචාරවත් නොවී විචාරශීලි අයකු විය යුතුයි.

අවසන් වශයෙන් කල්පනාවට ගත යුතුයි එබඳු වැරැදි මාර්ගයක යන අයකු වුවත් අප ඔහු අයිනකට දාන්නේ නෑ . යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝනංපමජ්ජති සෝ ඉමං ලෝක පභාති අප එයා පුනරුත්ථාපනය කළ යුතුයි.

අප ඉඩ දෙනවා එයාගේ වැරැදි සහගත ජීවිතය එයාටම අවබෝධ කරගන්න. අප එයා නැවත හොඳ පුරවැසියකු හැටියට බාර ගන්නවා.

එහෙම නම් අපේ බුදුදහම තුළ නැණ නුවණින් පොහොසත් බෞද්ධයාට මා මුලින් සඳහන් කළ ආකාරයට සුවඳවත් පැහැපත් මලක් වගේ බෞද්ධයාට ජිවත්වීමේ හොඳම වාතාවරණයක් බිහිවී තිබෙනවා.

ඒ නිසා ඔබ අද මේ පුර පසළොස්වක පෝය දවසෙ හිතන්න. ඔබ යම් කිසි ප්‍රමාද ආදි දෝෂයක් නිසා යම් කිසි වැරැදි මාවතකට පෙළඹිලා තිබෙන්න පුළුවනි. එයින් අත මිදෙන්න හොඳටම අවස්ථාව තිබෙනවා. කල්‍යාණ මිත්‍ර සේවනය ඔබට ඔබ විසින් තක්සේරුවකට පත් කර ගත යුතුයි.

මා මෙන්ම මේ රටේ සුවහසක් ජනතාව කැමැති වෙනවා හොඳ මනුෂ්‍යයො දකින්න , ඒ නිසා ඒ හොඳ මිනිස්සු ඇති වෙනවා කියන්නෙ හොඳ කර්ම ඇතිවෙනවා. හොඳ කර්ම කියල කිව්වේ අපේ පුනර්ජන්මය නැත්නම් කර්ම වේගය පිළිබඳ අපේ කර්ම ශක්තිය පොහොසත් වීමයි.

ඉතින් අද මේ පුර පසළොස්වක පෝය දවසේ ඔබ හැම දෙනාටම මේ උතුම් සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් ජීවිත ඉතා ආලෝකවත් වී අමා මහ නිවනින් සැනසෙන්නට හේතුවේවා!


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.