Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගල්වල හන්දියේ වතුසුදු මල් ලක්ෂයක පූජාවක්

නව වසරට සෙත් පැතීමත් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සේවය කොට මියගිය අයට පින් පැමිණවීම සහ දැනට සේවයේ නිරත හමුදා සහ පොලිස් නිලධාරීන්ට සෙත් පැතීමත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට , රටට, ජනතාවට සෙත් පැතීමත් සඳහා දුරුතු පෝදින වසරක් පාසා නොකඩවා පවත්වන වතුසුදුමල් ලක්ෂයක පූජාව සහ පොල්තෙල් පහන් 2008 ක ආලෝක පූජාව ද රාගම ගල්වල හන්දිය වේලුවන බෞද්ධ මධ්‍යස්ථානයේදී වාඳුරුප්පේ නාගිත හිමියන්ගේ අනුශාසනාකත්වයෙන් විහාරස්ථ එකමුතු ළමා සමාජයේ හා තරුණ සංවිධානය මෙහෙයවීමෙන් සිදු කිරීමට දායක සභාව කටයුතු යොදා ඇත.
පෙරවරු 5.45 සිට පස්වරු 6.00 දක්වා, දාන, ශීල, භාවනා, ධර්ම දේශනා ධර්ම සාකච්ඡා පැවැත්වෙන අතර පස්වරු 6.00 ට පහන් 2008 ක ආලෝක පූජාවද, පස්වරු 7.00ට වතුසුදුමල් පූජාවද පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.