| සංකල්ප විහාරයේ 20 සංවත්සරයට පින්කම්පිළියන්දල මාකන්දන සංකල්ප විහාරස්ථානය ආරම්භ කර වසර විස්සක් පිරීම 
			නිමිත්තෙන් පින්කම් මාලාවක් පෙබරවාරි මස 10 වැනිදා එම විහාරස්ථානයේදී 
			පැවැත්වේ. 
			විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ මූලිකත්වයෙන් පැවැත්වෙන එම 
			පින්කම් මාලාවේ දහස් නමක් මහ සඟරුවන විෂයෙහි සංඝගත දක්ෂිණාවක්ද 
			පිරිනැමේ. |