Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කොළඹ දිසා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සමුපකාර සමිතියෙන් පින්කම්

කොළඹ දිස්ත්‍රික්කයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සමුපකාර සමිතියේ මෙහෙයවීමෙන් දුරුතු පෝදා ආගමික හා වෛද්‍ය සේවා වැඩසටහන මාකන්දන සංකල්ප විහාරයේදී පස්වරු 3ට ඇරැඹේ.

එහිදී විහාරාධිපති හිමියන්ගේ අනුශාසනයෙන් පසු ‘බුදු දහමයි - ආයුර්වේදයයි’ මැයෙන් දේශනයක්ද අනතුරුව දේශීය වෛද්‍ය උපදේශන සේවාවද දහම් පාසල් ගුරු භවතුන් උදෙසා පරිත්‍යාග ලබාදීම ඔසු පැල බෙදාදීම එම වැඩසටහනට ඇතුළත් වේ. කළමනාකාර ලේකම් වෛද්‍යාචාර්ය එස්.ඒ. පියසේන මහතාගේ මෙහෙයවීමෙන් එම පින්කම සිදු කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.