Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් මෙහෙයවන“මහා ස්ථූප වන්දනාව” 2 වැනිදා“

මහා ස්ථූප වන්දනාව“ ලබන මස 02 වෙනි දින (සෙනසුරාදා) අනුරාධපුර ස්වර්ණමාලී චෛත්‍යරාජයාණන් වහන්සේ අබියසදී පැවැත්වේ.

අනුරාධපුර ස්වර්ණමාලී මහා චෛත්‍යරාමාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, පල්ලේගම හේමරතන නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදු කෙරෙන එම මහා පින්කම කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් මෙහෙයවනු ලැබේ.

ස්වර්ණමාලී චෛත්‍යරාජයාණන් වහන්සේ විදුලි බුබුළු වලින් ආලෝකවත් කිරීම ෂඩ් වර්ණ බෞද්ධ ධජයකින් පේසා වලලු සැරසීම රතු සුදු නෙළුම් මල් පුරවන ලද පුන් කලස් පේසා වලලු මත තැන්පත් කිරීම , තුන්යම් රාත්‍රිය මුළුල්ලේම සුවඳ දුම් පූජා පැවැත්වීම බෞද්ධ ධජ පළදවා පූජා කිරීම , මුළු රාත්‍රිය පුරාම මහා සෑ මළුවේ සිට වන්දනා කිරීම භාවනා කිරීම පිරිත් සජ්ඣායනා කිරීම වැනි පින්කම් රැසක් එදින සිදු කෙරේ.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.