Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මල්වතු මහා විහාරයීය උපසම්පදා විනය කර්මය වෙසක් පෝදා ඇරැඹේ

මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති ශ්‍රීමත් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ත සුමංගලාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක ගරුතර කාරක මහා සංඝ සභාව මඟින් 255 වැනි වරටත් පවත්වන උපසම්පදා විනය කර්මය 2008 වෙසක් පොහෝ දින සිට පොසොන් පොහෝ දින තෙක් සිදු කිරීමට කටයුතු යෙදීම සඳහා මෙවර උපසම්පදා අපේක්‍ෂකයන් විසින් ලිපිනය සහිත මුද්දර කවරයක් ලේඛකාධිකාරී හිමියන් වෙත එවා අවශ්‍ය ආකෘති පත්‍ර ලබා ගන්නා ලෙස ශාසනාලයෙන් දන්වා සිටින අතර, ප්‍රාදේශීය නායක පදවිලත් ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ද තම වර්තමාන ලිපිනය ලැබීමට සලස්වන ලෙසද ලේඛකාධිකාරී වල්ගොව්වා ගොඩ ශ්‍රී මේධංකර විමල බුද්ධි නාහිමියෝ දන්වා සිටිති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.