Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කුප්පියාවත්තේ ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාමයේ දී විහාරාධිපති හල්පිට දෙකෝරලයේ ප්‍රධාන අධිකරණ සංඝනායක තලල්ලේ මහින්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් දුරුතු පුර පොහෝදා සීල භාවනා වැඩ සටහන් මාලාවක් පැවැත්වේ.

එදින උදෑසන 6.00 - 6.30 සිල් සමාදන්වීම හා කෙටි අනුශාසනාව විහාරාධිකාරී රජවත්තේ වප්පහිමි, 7.00 - 7.30 සම්බුද්ධ අටවිසි කිරිපිඬු පූජා වන්දනාව මෙහෙයවීම ගැට්ටුවානේ සුමේධ හිමි, 8.00 - 9.00 භාවනා වැඩ සටහන රජවත්තේ වප්ප හිමි 9.10 - 10.10 දහම් දෙසුම් කොරොස්සේ මහින්ද හිමි, 10.10 - 11.00 බුද්ධ පූජා වන්දනාව මෙහෙයවීම තලල්ලේ මහින්ද නාහිමි, පස්වරු 12.30 - 1.00 සෙත්පිරිත් සජ්ඣායනාව එස්. විමලදාස උපාසක මහතාගේ ප්‍රධානත්වයෙන්, 1 - 2 තලල්ලේ මහින්ද නාහිමිගේ අනුශාසකත්වයෙන් උපාසක උපාසිකා සමිති මාසික රැස්වීම 2.00 - 2.45 භාවනා වැඩසටහන මෙහෙයවීම තලල්ලේ මහින්ද නාහිමි, 3.15 - 4.15 දහම් දෙසුම ලුණුගම්වෙහෙර විමලනන්ද හිමි 4.15 - 5.15 දහම් දෙසුම අඹගස්ආරේ විජිත නන්ද හිමි 5.15 - 6.15 බෙලිදෙනියේ සිරිධම්ම නාහිමි මෙහෙයවන දහම් දෙසුම, 6.15 ට සිල් පවාරණය හා සිල් අලුත් කිරීම, 7.00 - 7.30 මල් පහන් ගිලන්පස බුද්ධ පූජාව, 7.30 - 8.00 රාත්‍රී දහම් දෙසුම තලල්ලේ ධම්මදේව හිමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.