Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කුඩුමිරිසේ රජමහා විහාරයේ පින්කම්

ගම්පහ - අමුණුගොඩ - කුඩුමිරිසේ ශ්‍රී පරාක්‍රමබාහු රාජමහා විහාරස්ථානයේ වාර්ෂික මහා පින්කම 56 වනි වරටත් ජනවාරි 1 වැනිදා ආරම්භ කැරිණි. අමුණුගොඩ ශ්‍රී මේධානන්ද හිමි ගුණ සමරුව සහ බුදුපියාණන් වහන්සේගේ පළමු ලංකා ගමනයත් දුමින්දාගමනයත් සිහිපත් කිරීමේ අරමුණු කොට පවත්වන එම පින්කම ජනවාරි 1 - 7 දක්වා අසූමහා ශ්‍රාවක පූජාවන් ද, ජනවාරි 8 - 24 දක්වා ධර්ම දේශනාවන් ද, ජනවාරි 25 - පෙබරවාරි 2 දක්වා සති පිරිත් දේශනාව ද පැවැත් වේ. පෙබරවාරි 1 රාත්‍රී දොරකඩ අස්න පැවැත්වෙන අතර, 2 රාත්‍රි මහා පෙරහර වීථි සංචාරය කෙරේ.

විහාරාධිපති සියනෑ කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක අමුණුගොඩ සෝමානන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි ශාස්ත්‍රපති පරකන්දෙනියේ ධීරානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් සිදුවන එම පින්කම් මාලාවේ ධර්ම දේශනා පිළිවෙළ මෙසේය.

ජනවාරි 8 වැලමිටියාවේ කුසලධම්ම නාහිමි, 9 බලංගොඩ සෝභිත නාහිමි, 10. කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි .11 කොටුවිල විමලකිත්ති නාහිමි, 12 දරණාගම කුසලධම්ම හිමි, 13 ඉත්තෑපාන ධම්මාලංකාර අනුනා හිමි, 14 උයන්වත්තේ ඤාණාලෝක නාහිමි, 15 මීගස්තැන්නේ රතනජෝති නාහිමි, 16 පයාගල නන්ද හිමි, 17 රත්කරව්වේ පේමානන්ද හිමි, 18 පිටිදූවේ ධම්මික හිමි, 19 දේවාලේගම මේධානන්ද හිමි, 20 වෑත්තෑවේ පඤ්ඤාරාම හිමි, 21 මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි, 22 නැදගමුවේ විජය මෛත්‍රී හිමි, 23 පිටිදූවේ සිරිධම්ම හිමි, 24 කොලොන්නාවේ සුමංගල හිමි එම දහම් දෙසුම් පවත්වනු ලැබේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.