Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

හිමිවරුන් දෙනමකට භික්ෂූත්වය අහිමිවේ

සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ කාරක සංඝ හිමිවරු දෙනමක් ශාසන විරෝධී ක්‍රියා සිදුකැර ඇති බැවින් අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභාව මගින් ඔවුනට එරෙහිව ධර්මාමිසසම්භෝග තහනම පනවා තිබේ.

මේ තුළින් ඔවුන්ගේ භික්ෂුත්වය මින්පසු පිළිගැනීමට ලක් නොකරන අතර ඔවුනට චීවර, පිණ්ඩපාතික, සේනාසන හා ගිලන්පස යන සිවුපසයෙන් සංග්‍රහ කිරිමද තහනම් වෙයි.

ඉකුත් 22 දා සිට මෙම තහනම පනවා ඇත්තේ මහනුවර ගෙළිඔය කොටකේදෙණිය රජමහා විහාරය හා හඟුරන්කෙත අරත්තා රජමහා විහාරයේ අධිපතිව සිටි අලවත්තේගම සෝභිත හා කොළඹ වජිර ශ්‍රී ළමා නිවාසයේ අධිපති වූ ගල්ගමුව මීගලෑව රැස්වෙහෙර රජමහාවිහාරය කුරුණෑගල වැල්ලව ගිනිකරාව රජමහා විහාරය ආදී රජමහා විහාර කිහිපයක විහාරාධිපති උපාධ්‍යාය හුණුපොළගම වජිර ශ්‍රී යන දෙදෙනාටය.

මෙම තහනම මොවුනට එරෙහිව පැන වූ බවට අස්ගිරි මහා නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානාහිමියෝ නිවේදනයක් ද නිකුත් කරනු ලැබ ඇත. අස්ගිරි මහා විහාර කාරක සංඝ සභාව ධර්ම විනයානුකූලව ගෙන ඇති මෙම තීරණයට අනුගතවෙමින් සියලු මහා සංඝරත්නයද, ගිහියන්ද ශාසනාලෝමිකව ක්‍රියාකරන ලෙස මහනාහිමියෝ නිවේදනය මගින් ඉල්ලා සිටිති.

මෙම තහනමට ලක්වන භික්ෂුන් හට සිවුරු, දානය ආවාස හා ගිලන්පස පිළිගැන්වීම සුදුසු නොවන බවද එහි සඳහන් වෙයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.