Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කිරි මවුවරුන් දහසක් වෙත මිරිසවැටි රජ මහා විහාරයේ දී දානයක්

ජනාධිපතිතුමාටත්, රජයට හා සමස්ත ජනතාවටත් සෙත් පැතීමේ කිරි මව්වරුන් දහසක් වෙනුවෙන් පැවැත්වෙන මහා දානමය පින්කම ජනවාරි මස 12 දින අලුයම 3.30 ට අනුරාධපුර මිරිසවැටිය රජමහ විහාරස්ථානයේ දී පැවැත් වේ.

මිරිසවැටිය රජමහ විහාරාධිපති ඊතලවැටුනවැවේ ඥාණතිලක නා හිමියන්ගේ අනුශාසනා පරිදි ඓතිහාසික මහා පින්කම පැවැත් වේ.

කිරි මව්වරුන් දහසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන එම පින්කමට උතුරු මැද පළාතේ ප්‍රධාන මහා සංඝයා වහන්සේලා සහ පළාතේ ප්‍රධාන පෙලේ රාජ්‍ය නායකයින් ද සහභාගි වන බව නා හිමියෝ පැවසූහ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.