Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය 31 වැනිදා

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ රජත ජයන්තිය සැමරීම මෙන්ම 2007 වර්ෂයේ උපාධි ප්‍රදානෝත්සවය මෙම 31 වැනිදා පස්වරු 2 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මහා මහෝපාධ්‍යයන් වහන්සේ වන මල්වතු පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගලාභිධාන මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වේ.

එම උපාධි ප්‍රදානෝත්සවයට සමගාමීව විශ්වවිද්‍යාලයේ රජත ජයන්තිය සැමරීම නිමිත්තෙන් පළ කැරෙන “බෞද්ධ හා පාලි අධ්‍යයන” කෘතියේ විශේෂ කලාපය එළිදැක්වීමට ද කටයුතු යොදා ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.