Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

කඩුවෙල, හේවාගම, රාජසිංහ මාවතේ නො. 257 ඊ හි පදිංචි වයස අවු. 56 ක් වූ දිසානායක එම්. ටිකිරිබණ්ඩා මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන බැවින් කඩිනමින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට ප්‍රතිකාර කරනු ලබන විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.

එබැවින් “ ඒ පොසිටිව් “ හෝ “ ඕ “ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයකු ඉහත ලිපිනයට හෝ 0112539535 දුරකථන අංකයට හෝ දැනුම් දෙනමෙන් ඉල්ලීමක් කැරේ.

***

හොරොම්බාව , මොල්ලිගොඩ පදිංචි 43 වියැති ඊ.එල්.එම්. ජයලාල් මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් මාසයක් වැනි කෙටි කාලයක් තුළදී ඒ පොසිටිව් වර්ගයේ ලේ ඇති වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ.

වයස අවුරුදු 4 ට අඩු කුඩා දරුවන් දෙදෙනකුගේ පියකු වන එම රෝගියාට ඒ පොසිටිව් වර්ගයේ ලේ ඇති වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වෙත් නම් ඉහත ලිපිනයට හෝ 037 - 2247513 , 072 - 2451403 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඒ.ආර්. රත්නායක මහතා ඉල්ලීමක් කරයි.

***

ගම්පහ ඔරුතොට අංක 205 දරණ ස්ථානයේ පදිංචි ජයන්ත කුමාර මහතාගේ බිරිද බී .ඒ. ලලනි රේණුකා මහත්මිය වකුගඩු රෝගයෙන් පෙළෙමින් සිටින බව කියයි.

ඒ සම්බන්ධව දැනට අවුරුද්දක පමණ කාලයක සිට ප්‍රතිකාර කරන නමුත් රෝගය සුව කර ගැනීමට නොහැකි වී ඇති බැවින් වකුගඩුවක් බද්ධ කලයුතු බව විශේෂඥ වෛද්‍යවරයා තීරණය කර ඇත.

ඇයගේ ජීවිතය බේරා ගැනීමට “ඒ” නෙගෙටිව් හෝ “ඕ” නෙගෙටිව් වර්ගයේ වකුගඩුවක් පිරිනැමීමට කැමැති පරිත්‍යාගශීලියකු වෙතොත් පහත සඳහන් දුරකථන අංක වලට කතා කරන මෙන් ඉල්ලීමක් කැරේ. (033 - 2226045, 033 - 4670345 ) (077- 3136662 , 071 - 3496898 ) එම දුරකථන අංක වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.