Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රද්දොළුවේ විමලවංස හිමියෝ ලේඛකාධිකාරි ධූරයට

පානදුර රන්කොත් විහාරස්ථානයේදී ඉකුත් 16 වනදා මහෝපාධ්‍යාය රාජකීය පණ්ඩිත අම්බලන්ගොඩ ශ්‍රී සුමංගල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති පාලක ශ්‍රී සුමංගල කාරක සංඝ සභාවේදී රද්දොළුව ශ්‍රී සුබෝධාරාම මහා විහාරාධිකාරි තත් ශ්‍රී ධර්මානන්ද පිරිවෙනේ සම්මාන පරිවෙනාධිපති හා කෘත්‍යාධිකාරි රද්දොළුවේ විමලවංස නාහිමියන් අමරපුර නිකායේ මහා ලේඛකාධිකාරි ධූරයට ඒකමතිකව පත්කර ගන්ට යෙදුණි. උන් වහන්සේ කලක් ජර්මනියේ බොන් විහාරාධිපති වශයෙන් හා ඉතාලියේ සිසිලි විහාරයෙහි විහාරාධිපති වශයෙන් වසර 7 ක පමණ කාලයක් යුරෝපයේ ධර්ම ප්‍රචාරක කටයුතු වල නිරත වූහ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.