Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කැලණියේ දුරුතු උළෙලට දිනපතා දහම් දෙසුම්

කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරයේදී 2008 ජනවාරි 14 වනදා දක්වා දිනපතා රාත්‍රී 7 - 8 දක්වා ධර්ම දේශනා මාලාවක් ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරාධිපති ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පිරිදි පැවැත්වේ.

ඒ අනුව 2007 දෙසැම්බර් 31 වනදා සිට පිළිවෙලින් දිනපතා මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමි 2008 ජනවාරි 1 වනදා අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි , උයන්වත්තේ ඤාණාලෝක අනුනාහිමි, දොඩම්ගොඩ අස්සජි නාහිමි දර්ශනපති කොස්වත්තේ අරියවිමල හිමි, බොරැල්ලේ අතුල නාහිමි, ආචාර්ය නාබිරිත්තන්කඩවර ඤාණරතන හිමි යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දහම් දෙසුම් පවත්වති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.