Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ  වැඩිහිටි හා තරුණ සීල සමාදාන පින්කම්


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන පින්කම

මහරගම සිර වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදානය මෙහෙයවීමෙන් උඳුවප් පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය.

එදින පෙරවරු 6 - 7 සීල සමාදානය හා අනුශාසනාව බලංගොඩ සුමංගල හිමි, 8- 9 භාවනාව මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි. 9 - 9.30 ධම්මපදය පානදුරේ පසන්න හිමි 9.30 - 10.15 පැවිදි කිරිමේ පින්කම 10.15 - 11 අභිධර්ම කථාව පියදාස මතුගම මහතා 11 - 11.15 බුද්ධ පූජාව බොරලැස්ගමුවේ පදුම හිමි, පස්වරු 12.25 - 12.30 පුණ්‍යානුමෝදනාව 12.30 -1 තෙරුවන් ගුණ මකුලේමඩ සිරිනන්ද හිමි. 1 - 2 ධර්ම සාකච්ඡාව වැලිමඩ පසන්නමානස හිමි. 2 - 3 දහම් දෙසුම බොරැල්ලේ අතුල නාහිමි. 3 - 3.45 දහම් දෙසුම වැලිගම ඤාණරතන මහ නාහිමි 4 - 5 දහම් දෙසුම ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි. 5 - 6 දහම් දෙසුම පොල්පිතිමූකලානේ පඤ්ඤාසිරි හිමි. 6 - 6.30 බෝධි පූජාව හක්මන සුමනසිරි හිමි.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේදී උඳුවප් පෝදා තරුණ සීල සමාදානය මෙහෙයවීමෙන් පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය.

එදින පෙරවරු 6 - 7 සීල සමාදානය මෙහෙයවීම අනුශාසනාව තිරිකුණාමලේ ආනන්ද අනුනාහිමි 8 - 9 භාවනා වැඩසටහන මෙහෙයවීම වැලිමඩ පසන්න මානස හිමි. 9 - 10 විශේෂ දේශනය වෛද්‍ය ජයවීර බණ්ඩාර මහතා 10 - 11.15 අනුශාසනාව හා බුද්ධ පූජාව මහඔය අනුරුද්ධ හිමි. පස්වරු 12.25 - 12.30 පුණ්‍යානුමෝදනාව 12.30 - 1 පිරිත් හා තෙරුවන් ගුªණ යක්කලමුල්ලේ පවර හිමි 1 - 2 දහම් දෙසුම කථිකාචාර්ය අගලකඩ සිරිසුමන හිමි. 2 - 3 ධර්ම සාකච්ඡාව තල්පාවිල කුසලඤාණ හිමි . 3 - 4 දහම් දෙසුම පදලංගල ධම්මදේව හිමි. 4.15 - 5 ධම්මපදය ගබ්බෙල වජිර හිමි. 5 - 6 දහම් දෙසුම හක්මන සුමනසිරි හිමි. 6 - 6.30 බෝධිපූජාව මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.