Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුද්ධ ප්‍රතිමාව නිරාවරණය 26 දා

2004 දෙසැම්බර් මස 26 දින සිදු වූ ත්සුනාමි විපතින් පරලෝ සැපත් හම්බන්තොට මහ රෝහලේ මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී එම්. පී. රෝහණ රුදන්ත ද සිල්වා මහතාට සහ මීරිගම ඩඩ්ලි සේනානායක මහ විදුහලේ 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ තනුජ හිමංශ පුතණුවන්ට පින් පිණිස පී. ඩී. විමලා පනාගොඩ මහත්මිය සහ පී. ඩී. සෝමසිරි රණවීර මහතා, එම මහත්මිය වන බී. ඩී. මාලා මංගලිකා මහත්මිය ඇතුළු දරුවන් විසින් සම්බුද්ධ ශාසනයෙහි චිරස්ථිතිය පිණිස ස්වකීය ධන පරිත්‍යාගයෙන් දන්ඕවිට වේරගොඩ පාරමී ධර්මාශ්‍රමයෙහි ඉදිකරවන ලද සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සහිත ශෛලමය මල් ආසනය මෙම 26 දින උදෑසන 6.30 ට අමරපුර චූලගණ්ඨි මහා නිකායේ මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ ආගමික කටයුතු අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක මහතාගේ සහභාගිත්වයෙන් විවෘත කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.