| 
			 
			 
			 
			 
			ශ්‍රී ජයතුංග යෝගාශ්‍රමය
			
			 
			මහරගම නාවින්න ජයගත් පාරේ ශ්‍රී ජයතුංග යෝගාශ්‍රමයේ උඳුවප් පෝදා ශීල 
			භාවනා වැඩ සටහන පැවැත්වෙන්නේ යෝගාශ්‍රම කෘත්‍යාධිකාරී මහරගම පදුම 
			හිමියන්ගේ අනුශාසකත්වයෙනි. පෙරවරු 6.00 - 7.15 තිසරණ ශීල සමාදානය, 
			සම්බුද්ධ සර්වඥ ධාතු පූජාව, අනුශාසනය මෙහෙයවීම මහරගම පදුම හිමි, 8.30 - 
			9.30 භාවනාව, නුගේගොඩ පුණ්ණ හිමි, 9.30 - 10.30 ධර්ම දේශනය, උඩුවෙල 
			සෝමප්‍රභ හිමි. 
			පස්වරු 12.45 - 2.00 සමුහ දම්සක් පැවතුම් සූත්‍ර සජ්ජායනය, 2.00 - 3.00 
			ධර්මානුශාසනාව, මාතර සරණශීල හිමි, 3.30 - 5.00 දේශනය සහ භාවනාව, 
			ප්‍රේමසිරි සෙනරත් මහතා, 5.00 - 6.30 සිල් පවාරණය, සම්බුද්ධ බෝධි 
			වන්දනාව. මහරගම පදුම හිමි.  |