Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කතරගම කිරි වෙහෙරේ පින්කම්

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ දී උඳුවප්පෝදා දවස පුරා පින්කම් රැසක් කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නා හිමියන්ගේ අනුශාසනාව පරිදි පැවැත්වේ.

එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීමෙන් පසුව මල් පහන් කිරි ආහාර පූජාවද ශබ්ද පූජා මධ්‍යයේ බෞද්ධ කොඩි 150 කින් යුතු කප්රුක් පූජාව චෛත්‍ය වටා පැළැඳවීමද සිදු කෙරේ. අනතුරුව භාවනා කටයුතු පැවැත්වේ.

උදේ ධර්මදේශනාව පවත්වනු ලබන්නේ ශාස්ත්‍රපති සියඹලාගස්වැටේ සීලරතන හිමියන් විසිනි.

ශ්‍රී සංඝමිත්තා කුළඟන සමිතිය විසින් සංවිධානය කරන ලද සංඝමිත්තා පෙරහර කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයෙන් ආරම්භ වී නවනගරයට ගමන් කර නැවත විහාරස්ථානයට පැමිණ ආගමික කටයුතු පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.