Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සිරි මහ බෝ පූජෝපහාර පින්කම

කැලණියේ වනවාසල ශ්‍රී සුධර්මාරාම මහා විහාරස්ථානයේ දැනට අවුරුදු තුනක සිට සෑම පසළොස්වක පොහෝ දිනකම පවත්වනු ලැබූ ආශිර්වාදාත්මක කිරි පිඬු පූජාවට සමගාමීව ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ සම්ප්‍රාප්තිය මෙනෙහි කිරීමේ “චීවර” පුෂ්ප පූජෝපහාරය මෙවර ද මෙම උඳුවප් පොහෝ දා අලුයම 4.00 - 5.00 දක්වා සිදු කෙරේ. විහාරාධිපති නිල්පනාගොඩ සුමතිරතන හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරෙන එම පින්කමට අමතරව සිල් සමාදන් වන උපාසක උපාසිකාවන් උදෙසා සිල් රෙදි පරිත්‍යාග කිරීම අයි. ඩී. විල්බට් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.