UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන්ගෙන් මෙවරත් ශිෂ්‍යාධාර

ප්‍රංශයේ ජේතවනාරාමාධිපති ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන් විසින් වාර්ෂිකව සිදු කරනු ලබන වෛද්‍ය ශිෂ්‍යාධාර පිරිනැමීම ඉකුත් දා කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේදී පැවැත්විණි.

විවිධ ප්‍රදේශයන්හි සිසුන් 160 දෙනකු වෙත මෙවර එම ශිෂ්‍යාධාර පිරිනමනු ලැබිණි. එක් ශිෂ්‍යයෙකු වෙත මසකට රුපියල් එක් දහස් පන්සියය බැගින් එම ශිෂ්‍යාධාර පිරිනමන බව මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි පදනම කියයි.

ඤාණිස්සර නාහිමියන්ගේ මව්පිය දෙපළ වන මිද්දෙණිය මුරුංගාගස්යායේ විසූ ඩී.වීරක්කොඩි මහතා සහ අමරකෝන් දිසානායක පුංචිහාමි මහත්මියද අපවත් වී වදාළ ගුරුදේව මුලනේ අග්ගාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේද සිහිපත් කරමින් වසර කීපයක සිට එම ශිෂ්‍යාධාර මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන් විසින් පිරිනමනු ලැබේ.

ඊට අමතරව උන්වහන්සේගේ සොහොයුරිය වූ පාඨශාලාචාරිනී පරලොව සැපත් සෝමා ඒ. වීරක්කොඩි මහත්මියට පින් පිණිස ආර්ථික අපහසුතා ඇති මුරුංගාගස්යායේ වැඩි හිටි තිස් දෙනකු වෙත මසකට රුපියල් දහස බැගින් සෑම මසකම පිරිනැමේ.

උඳුවප් පුර අටවක

 
උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 17 වැනිදා සඳුදා පූර්ව භාග 04.21 ට ලබයි.
18 වැනිදා අඟහරුවාදා පූර්ව භාග 03.05 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර්
17 වැනිදා සඳුදාය .
 

මීළඟ පෝය දෙසැම්බර්
23 වැනිදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 17

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31

New Moonඅමාවක

ජනවාරි 07

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]