UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

හල්විටිගල අස්සජී හිමියෝ භාරතයේ සංඝ නායක පදවි ලබති

මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ කල්‍යාණී සාම ගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ගැට්ටෙපොළ විමලරතන මහ නාහිමියන් ප්‍රමුඛ එම කාරක සංඝ සභාව මගින් භාරතයේ කුසිනාරානුවර ජපන් ශ්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථානාධිපති රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙන් විහාරවාසී හල්විටිගල අස්සජි හිමියන් වෙත ‘සද්ධර්ම කීර්ති ශ්‍රී ගුණානන්ද විපුලසාර’ ගෞරව නාමය සහිත භාරතයේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත.

ඒ පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය මෙම 21 වැනි දා පස්වරු 3 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ගැට්ටෙපොළ විමලරතන මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ විශේෂ සහභාගීත්වයෙන් පැවැත්වේ.

එහිදී අක්තපත්‍ර පිළිගැන්වීම අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා අතින් ද විජිනිපත පිළිගැන්වීම වරාය සිවිල් ගුවන් සේවා වාරිමාර්ග හා ජල කළමනාකරන අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා අතින්ද අටපිරිකර පූජාව කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා අතින් ද සිදු කැරේ.

උඳුවප් පුර අටවක

 
උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 17 වැනිදා සඳුදා පූර්ව භාග 04.21 ට ලබයි.
18 වැනිදා අඟහරුවාදා පූර්ව භාග 03.05 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර්
17 වැනිදා සඳුදාය .
 

මීළඟ පෝය දෙසැම්බර්
23 වැනිදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 17

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31

New Moonඅමාවක

ජනවාරි 07

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]